දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පසුගිය ඡන්දෙදි තරුණයෝ අපිට අනතුරු ඇඟවීමක් කළා" - ඇමති සාගල යොවුන් පුරයේ දී කියයි
Homeප්‍රවෘත්ති

"පසුගිය ඡන්දෙදි තරුණයෝ අපිට අනතුරු ඇඟවීමක් කළා" - ඇමති සාගල යොවුන් පුරයේ දී කියයි

PropellerAds

පසුගිය පලාත්පාලන මැතිවරණයේ දී තරුණයින් රජයට අනතුරු අඟවීමක් කළ බවත් රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදන්නවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් ...

පාස්කු ප්‍රහාරයට පෙර ටාජ් හෝටලයේ රැඳී සිටි අමුත්තන් ගැන සෙවීමට යයි
ජවිපෙ එක්ක හරි අපි සන්ධානයක් හදනවා.. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී..
ඖෂධවල ගුණාත්මක භාවය ගැන පාර්ලිමේන්තුවේදී විවාදයක්

පසුගිය පලාත්පාලන මැතිවරණයේ දී තරුණයින් රජයට අනතුරු අඟවීමක් කළ බවත් රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදන්නවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කිරීමත් රැඩිකල් තාරුණ්‍යය නිවැරදි මඟක ගෙනයාම වත්මන් රජයේ අරමුණ බවත් ව්‍යාපෘති කලමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිකවරුටියේ දී පැවැත්වෙන 09 වැනි යොවුන් පුරයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (28) එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ගම්මාන ඇතුළෙ විශාල සංවර්ධනයක් කරන්න යෞවන සමාජ වල තරුණයින් විශාල වැඩකොටසක් කලා. නායකත්වය දුන්න. ඒ වැඩසටහනෙන් ගමට කෝටියක් වගේම රටට කෝටි ගණනක වැඩක් වුණා. කවුද මේ තරුණය කියන්නෙ. අපි කාලෙන් කාලෙට වෙනස් වන මේ තරුණය ගැන හොදින් තේරුම් ගන්න ඕන. එක්සත් ජාතීන් 2015 දෙසැම්බර් 19 වෙනිද තරුණයා කවුද කියල අර්ථකතනයක් ඉදිරිපත් කලා. ඒ අනුව ඔවුන් කිව්වෙ අවුරුදු 18-29 ත් අතර පිරිස  තරුණයා කියල. අපේ යෞවන සමාජ වැඩ පිළිවෙලේදි අපි තරුණයා අර්ථකතනය කරන්නෙ වෙන විදියිට. නමුත් තරුණයා අර්ථ කතනය කල යුතු වෙන්නේ වයසින් නෙමෙයි. තරුණයා අර්ථ කථනය කල යුත්තේ ඒ අයගෙ අදහස් වලින්. තරුණයා සාමාන්‍යයෙන් රැඩිකල් නැඔරුවක් තියෙන අය. ඒ රැඩිකල් නැඹුරුව නිවැරදි මාවතක ගෙනියන එක තමයි රටක රජයකට තියෙන විශාලම අභියෝගය වෙන්නෙ. ශ්‍රී ලංකාවෙ ප්‍රධානම පෙළේ දේශපාලන විපර්යාසවලට හේතු වුණු දේශපාලන මැතිවරණ හැම එකකදි වගේ තරුණ දායකත්වය කැපී පෙනුණ.”

“1956,1977,1994 හා  ආසන්නම මැතිවරණය වුණු 2015 දිත් තරුණයො සක්‍රීයව තමන්ගෙ  දායකත්වය ලබල දුන්න. මැතිවරණ ප්‍රථිපල වලට තරුණ ඡන්ද විශාල වශයෙන් බලපාල තියෙනව කියල නිරීක්ෂණය වෙල තියෙනව. තරුණ දේශපාලන සහභාගිත්වය පිළිබද කතාකලහොත් 1971,1987,1989  තරුණ කැරළි පිළිබද අවධානය යොමුකරන්න වෙල තිබෙනව. ඒ වගේම 30 වසරක යුද්ධයක් තිබුණු රටක් මේක. මේ හැම වෙලාවෙම වැඩියෙන්ම හානියට පත්වුණෙ තරුණ ජීවිත. ඒ වගේම උද්ඝෝසණයක් කලත් ඒ කට මැදිහත් වෙන්නෙ තරුණයො. සමාජ ජාල හරහා හැමවිටම ඉදිරියෙන් ඉන්නෙ තරුණයෝ වගේම ඒවා රජය අවහිර කරනකොටඑයට විරුද්ධවත් ඉදිරියට ආවේ තරුණයො.ඒ වගේම රටේ සංවර්ධනයටත් ක්‍රීඩාවෙදි රටේ ජයග්‍රහණයට  අභිමානයට අවශ්‍ය පෙරමුණ ගන්නෙත් තරුණයෝ.”

“පහුගිය ප්‍රාදේශිය සභා මැතිවරණය ගත්තොත් ඒකෙදි තරුණ අය අපට අනාගතය දැනට වඩා වේගවත්ව තහවුරු කරල දෙන්න කියල රජයට අනතුරු ඇඟෙව්වා. එනිසා රජය තරුණයො ගැන දැනට වඩා  අවධානය යොමුකරන්න අවශ්‍ය යුගය උදාවෙල තියෙන්නෙ. තරුණ තරුණියන්ට රටේ අනාගතය ගොඩ නැගීම ගැන රජය දැනටත් වඩා අවධානය යොමුකරන්න අවශ්‍යය කාලය එළබිල තිබෙන්නෙ. රටේ ආර්ථික දියුණුව කියන්නෙ රට දියුණු කරන්න දමන අඩිතාලම. ඒ දියුණුවත් එකක් වෙන වෙනස්වීම් වලට ,අභියෝගවලට අවස්ථාවන් ජයගන්න අවශ්‍ය තරුණ ආකල්ප හා අවස්ථාවන් ගොඩනැගීම අපි ආරම්භ කරන්න ඕන. ඒ යුගය දැන් ඇවිත්  තිබෙන්නෙ. එය නොකලොත් ඒ අනාගත දියුණුවට මුහුණ දෙන්න අපිට නොහැකි වෙනවා. අපේ බලාපොරොත්තුව තරුණයා දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික යන තෙආකාරයෙන්ම බලාත්මක කිරීමයි. ජාති ආගම් කුල පංති පක්ෂ භේදයකින් තොරව තරුණයාට ඔවුන්ගෙ අනාගතය සුරක්ෂිත කරගැනීමට  හැකි පරිදි එයට අඩිතාලම දැමීම කෙරෙහි  අපි  විශේෂයෙන්ම  අවධානය යොමුකරල  තිබෙනව. අපට ඕන රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදනනවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කර දීමයි. ඒ වගකීම දැන් තරුණ කටයුතු ඇමතිවරයා විදියට මගේ උරමත පැටවිල තිබෙනව. ඒ වගකීම නොපිරිහෙලා ඉටුකරල සිහින දකින තාරුණ්‍ය  වෙනුවට සිහින සැබෑ කරන තාරුණ්‍යක් බිහිකරන්න අවශ්‍ය සෑම දෙයක්ම කරන්න අපි කැපවෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පසුගිය ඡන්දෙදි තරුණයෝ අපිට අනතුරු ඇඟවීමක් කළා" - ඇමති සාගල යොවුන් පුරයේ දී කියයි
"පසුගිය ඡන්දෙදි තරුණයෝ අපිට අනතුරු ඇඟවීමක් කළා" - ඇමති සාගල යොවුන් පුරයේ දී කියයි
http://am.lk/media/k2/items/cache/4b7b9b03738cae352af54af6ae7ab257_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_313.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_313.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy