අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසු සිංහල-දෙමළ ගැටුම යටපත් වී, සිංහල-මුස්ලිම් ගැටුම කරළියට ආවේ ය. දැන් එය විටින් විට ඇති වන කෝලාහල ස්වරූපයෙ...
අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසු සිංහල-දෙමළ ගැටුම යටපත් වී, සිංහල-මුස්ලිම් ගැටුම කරළියට ආවේ ය. දැන් එය විටින් විට ඇති වන කෝලාහල ස්වරූපයෙන් ඉදිරියට ගලා යන දෙයක් බවට පත් ව තිබේ. තෙල්දෙණියෙන් ආරම්භ වි මහනුවර ප්‍රදේශයේ තැන් තැන්වල මුස්ලිම් ජනයා ඉලක්ක කොට ගෙන සිදු වූ පහරදීම් එහි ම ප්‍රතඵිලයක් ලෙස සැලකිය හැකි ය.
අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසු සිංහල වර්ගවාදී ව්‍යාපෘතියේ පැවැත්මට දෙමළ සතුරා වෙනුවට අලුත් සතුරෙකු අවශ්‍ය වූ අතර, මුස්ලිම් ජනයා ඒ සඳහා තෝරා ගත් අලුත්ම සතුරා විය. සිංහලයින් සුළු ජනවර්ගයක් බවට පත් කොට, ලංකාව මුස්ලිම් බහුතරයක් සහිත රටක් බවට පත් කිරීමේ අරමුණින්, සිංහල ජාතිය වඳ කිරීම සඳහා මුස්ලිම් කඩවල ආහාරවලට හා කාන්තා යට ඇඳුම්වලට වඳ බෙහෙත් දැමීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ යැයි කියන කතාව සමාජ ගත කරන වැඩසටහනක් කලක් තිස්සේ ක්‍රියාත්මක විය. මෙම කතාවේ කිසිදු සත්‍ය පදනමක් නොතිබුණ ද එම කතාව, සිංහල සිත් සතන් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි කෝපයක්, වෛරයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතු විය. සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ සිංහලයින් අතර සමාජ ගත කර තිබුණු කිසිදු සත්‍ය පදනමක් නැති එම කතාවය.
රටට නිදහස ලැබී වසර 70ක් තරම් කාලයක් ගත වී ඇතත් ජනවර්ග, කුල හා ආගම් මුල් කර ගත් විවිධ මාදිලියේ ආකල්ප දුරු කොට, රටේ සියලු ජන කොටස්වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන වැඩසටහනක් තුළින් නූතන ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නො වී ය. ලංකාවේ ඇති වූ සියලු අවුල් හා ගැටුම් කෙරෙහි එම සාධකය බලපෑවේ ය. දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති ලේ වැගිරෙන ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ නිසා ඇති වූ අශීලාචාර වටාපිටාව හේතු කොට ගෙන සමාජය විකෘති වී රෝගී තත්ත්වයට පත් විය. රාජ්‍ය හා එහි ආයතන ක්‍රම දූෂිත වී විකෘති තත්ත්වයට පත් විය. එම අවුල්සහගත තත්ත්වය වෙනස් කර ගත යුතවු තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු ව ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට නොතිබුණේය. පැවති අර්බුදය උග්‍ර වී එම නායකයාට ගෙදර යන්නට සිදු වුයේ ඒ නිසාය. එහි ම ප්‍රතිඵලයක් වශයෙන් බලයට පැමිණි, යහපාලන ආණ්ඩුවට ද අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන ඉදිරි දැක්මක් නොතිබුණි. රටේ පැවති අර්බුදය උග්‍ර වීම එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් විය.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල රට අරාජික කිරීමට හේතු වනු ඇති බවට පුනරුදය ව්‍යාපාරය කර තිබෙන පුරෝකථනය සැබෑ වී තිබේ. මැතිවරණ ප්‍රතඵිලය පරාජිතයාට තිබෙන පාලන බලය අහිමි නො කර, රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතයි අහිමි කර තිබේ. ජයග්‍රහකයාට ජයග්‍රහණය ලැබී තිබෙන්නේ ද ඊළඟ මැතිවරණය තෙක් පාලන බලය ලබා ගත නොහැකි ආකාරයටය. ඒ මගින් සියලු නායකයින් හිර කරන තත්ත්වයකට පත් කොට, රට අරාජික තත්ත්වයකට සමාන තත්ත්වයකට පත් කොට තිබේ.
රට මුහුණ දී තිබෙන මෙම අවුල්සහගත තත්ත්වයෙන් ගොඩ ඒමට තිබෙන විකල්පය ලෙස පුනරුදය ව්‍යාපාරය දකින්නේ ලාංකේය ජාතිය ගොඩ නගා ගැනීමේ හා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීමේ සීමිත අරමුණ වෙනුවෙන් තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීම ය. එවිට ලාංකේය ජාතිය ගොඩ නගා ගැනීම ද ඇතුළු ව යහපත් ඉදිරි ගමනක් සඳහා රටට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්, පොදු එකඟතාවයකින් යුත ුව සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබේ. රටේ තිබෙන අස්ථාවරභාවය ද නැති වේ. ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ ද නැති වේ. ඒ ගැන බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙස රටේ සියලුම නායකයින්ගෙන් ද, මහජනයාගෙන් ද පුනරුදය ව්‍යාපාරය වශයෙන් අපි ඉල්ලා සිටිමු.
- වික්ටර් අයිවන්
- ඩී.සෝමානන්ද හිමි
- මව්ලවී මුණීර්
- නවරත්න බණ්ඩා
- ටී.එම්.ප්‍රේමවර්ධන
- එස්.සිවගුරුනාදන්
- සරත් ප්‍රනාන්දු
- දයා පද්මලතා
- විරාජ් අබේරත්න
- සුගත් අමරජීව
- තිලක් ද සිල්වා
- අර්ජුන මනම්පේරි
2018-03-08
COMMENTS