මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ...
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද (05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කාලය තුළ නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.
තෙල්දෙණිය ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාම නිසා ඊයේ රාත්‍රියේ සිට තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අතිරේක පොලිස් නිළධාරීන් ද ආරක්ෂාවට යොදවා තිබේ.
මෙම ගැටුම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර මේ වන විට පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ජාතිවාදී ගැටුම් උද්ගත වීමේ අවධානමක් ඇති බැවින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS