ප්‍රධාන පක්ෂ 3ක් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා එ...
ප්‍රධාන පක්ෂ 3ක් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අගමැතිතුමන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව චෝදනා 14කින් සමන්විත වෙලා දැන් සම්පුර්ණයෙන්ම සකසා අවසන්. ඒ පිළිබඳ විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පාර්ශ්ව තුනේම ප්‍රධානීන් ඊට එකඟතාවය පළ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් රටේ පැත්තෙන් හිතලා අගමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දේවි කියලා.”
“අගමැතිතුමාට අවශ්‍ය නම් වෙනත් විශ්වාසභංග යෝජනාවලදී කළා වගේම මෙය පාර්ලිමේන්තුවේ යම් කාලයක් අරගෙන ඒ කාලය තුළදී අත්සන් ලබා ඇති මන්ත්‍රීවරුන්ට විවිධාකාරයෙන් බලපෑම් කිරීමේ අවධානයක් තියෙන නිසා අපි ඊයේ තීන්දු කළා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන විශ්වාසභංගය භාර දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් මන්ත්‍රීවරුන් විවාදය අවසානයේදී ජන්දය දීමේදී තමයි විශ්වාසභංග යෝජනාවට එකතු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙන්නේ විශ්වාසභංගය අත්සන් තබා භාර දීම පමණයි. හෙට පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරනවා. අපි උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ අය සම්බන්ධ කර ගන්න. හැකි වුණත් නැතත් හෙට දිනය ඇතුළත මේ විශ්වාසභංගය භාර දීම තමයි අපේ බලාපොරොත්තුව.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS