දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති අර්බුදය උත්සන්න වෙයි.
Homeගොසිප්

අගමැති අර්බුදය උත්සන්න වෙයි.

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසුරිය මහතා මහතා ජනාධිපති නිල නිවසට ගොස් තිබේ. අගමැතිධූරය සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රිය...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසුරිය මහතා මහතා ජනාධිපති නිල නිවසට ගොස් තිබේ.

අගමැතිධූරය සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ජනාධිපතිවරයා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ දිගටම අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදීමට එකඟතාවයක් තිබුණද පසුගිය පැය 24 තුළ සිදුවූ වෙනස්කම් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපතිවරයා මේ කැඳවීම සිදුකර ඇතැයි පැවසේ.

අගමැති හා කථානායක මෙසේ කැඳවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට පක්ෂව එජාපයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලයිස්තුවක් ගැනීම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ සිදු කෙරෙමින් තිබියදීය.

නිමල් අගමැති කරන්න ජනපතිගෙන් මන්ත්‍රීවරු 17ක්

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කිරීම සඳහා මේවන විට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව අත්සන් 102ක් එක් කරන් ඇති බව ඒකාබද්ධයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

එම ලයිස්තුවේ එජාප මන්ත්‍රීවරු වන අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුද සිටින බව පැවසේ.

එසේම සිරිපාල මහතා අගමැති කරවීමට ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ සහය ලබාදීමට ද ඔවුන්ට පොරොන්දුවක් දී ඇතැයි ඔහු පැවසීය.

හෙට සුසිල් 20ක් එක්ක ඒකාබද්ධ විපක්ෂයට

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙට (19) මන්ත්‍රීවරු 20 දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධයේ අසුන් ගැනීමට සූදානම් බවද මේ අතර වාර්තා වේ.

රංගේගේ එෆ්බී සටහන

මේ අතර, එජාප ආසන සංවිධායක ධූරයෙන් පවා ඉවත්වෙමින් විරෝධත්වයක නිරත වූ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් තමා කිසි දිනක මහින්ද සමඟ එක්නොවන බව පවසමින් ෆේස්බුක් සටහනක් යොදා තිබේ.

හදිස්සි ගැසට් නිවේදනයක්

පාර්ලිමෙන්තුව කල්දමමින් හදිස්සි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද සැලැසුම්කර තිබූ බව මේ අතර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රජයේ මුදුණ දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසිමකදී කියා සිටියේ හදිස්සි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සැලැසුම් කර තිබූ බවත්, පසුව ජනාධිපති කාර්යාලය විසින් එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවයි.

රනිල් දේශපාලන දාම් ලෑල්ලෙන් ඉවත් කරන්න කාට ද ඕන ?

මේ අතර, අප ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුගෙන් රනිල් ඉවත් කිරීමේ සැබෑ උවමානව කුමක්ද යනුවෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ සිල්ලට හේතුව 2020 ජනාධිපතිවරණය බවයි.

පසුව එය පැහැදිළිකරමින් ඔහු කියා සිටියේ වසර 2020 ජනාධිපති සටනින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර තැබීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට යාමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ නොවන බැවින් 30%ක හෝ බලයක් තිබෙන දේශපාලන චරිතය වන්නේ රනිල් මහතා බව ඔහු කියා සිටියේය.

කෙසේවුවද, ඒකාබද්ධයටද රනිල් ඉවත්කර ගැනීමෙන් දේශපාලනමය වාසියක් ඇති බවත්, එවිට ඔවුනට පරිනත නැතත් ජයගත හැකි අපේක්ෂකයකු මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ තරගයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බැවින් මේ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඉවත් කර ගැනීමට සහය දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති අර්බුදය උත්සන්න වෙයි.
අගමැති අර්බුදය උත්සන්න වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitfIH4XZ6FRG_jn_YmQZeheDWiBw4wj7Ms352rnXqd-e3x3Fb1oS8eVuDbgxRJI9qNtZab5qn2_hEXmyNiiywJFlgneahKwAj9epWWyHUH32MZ1fXkemoUeOZnryzPk9HG5D09XIb1uoxh/s1600/5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitfIH4XZ6FRG_jn_YmQZeheDWiBw4wj7Ms352rnXqd-e3x3Fb1oS8eVuDbgxRJI9qNtZab5qn2_hEXmyNiiywJFlgneahKwAj9epWWyHUH32MZ1fXkemoUeOZnryzPk9HG5D09XIb1uoxh/s72-c/5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy