එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර වි...
එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ ස්ථාවරයේ දිගටම සිටීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධාන මන්ත්‍රී කණ්ඩායම නොසැලී සිටින බවත් මැතිවරණය, මැතිවරණ ප්‍රතිපල පිළිබඳ සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ජනපතිවරයා සමග එක්ක දීර්ග සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසී ය.
ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් සිදු කිරීමට නියමිත බවත් පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා කටයුතු කරගෙන යන බවත් ඊට අදාල පාර්ශව කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එක් නොවන බවත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සහ ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේදී එජාප මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගන්නවාද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සන්ධාන අගමැතිවරයෙකු පත් කිරීම දෙවැනි විකල්පය බවත් ශ්‍රීලනිප ආණ්ඩුවක් සහිත අගමැතිවරයෙකු පත් කිරීමට ශක්තිය සහ බහුතරය සන්ධානයට තිබෙන බවත් ඒ වෙනුවෙන් කැමැත්ත පළ කිරීමට වඩා එහා ගිය කටයුතු රාශියක් සිදුකර ඇති බවත් ය.
සන්ධානය ගත් තීරණය අදාල අයට ජනපති දැනුම් දී ඇති බවත් එම කටයුතු නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව කළ යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් ලැබී ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS