දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොළොන්නරුව ශ්‍රීලනිප බලය පිහිටුවන්නට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරුන්ට තමන්ට අයත් කොට්ඨාසයේ ජනතාවගේ පොදු මූලික අවශ්‍යතා වෙනුවෙන් වැඩ කිරීමට එක් මන්...

පොළොන්නරුව ශ්‍රීලනිප බලය පිහිටුවන්නට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරුන්ට තමන්ට අයත් කොට්ඨාසයේ ජනතාවගේ පොදු මූලික අවශ්‍යතා වෙනුවෙන් වැඩ කිරීමට එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

ඉකුත් සතියේ පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ට සුබ පැතීම සඳහා පැවති ‍රැස්වීමක දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

" ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනත් පොහොට්‍ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සහයෝගී ගමේ ආණ්ඩුවක් පිහි‍ටුවන්න කියලා. ඒ වගේම සභාපති ධූරය පළමු සභාවාරයේ දීම වැඩිම මන්ත්‍රීන් පිරිසකගේ ප්‍රසාදය දිනා ගන්නා අයෙකුට ලබා දිය යුතු බවත් එතුමා පැවසුවා. අපේ පළාත් පාලන ආයතන 8 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 55ක් තේරී පත් වී තිබෙනවා.ඒ එක් මන්ත්‍රී වරයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් තමන්ගේ කොට්ඨාසයේ ජනතාවට වැඩ කරන්න ප්‍රතිපාදන දෙන බවත් පැවසුවා. ඒ අනුව අපේ මන්ත්‍රී කණ්ඩායමට ගම හදන්න තමන්ගේ කොට්ඨාසය හදන්න රුපියල් කෝටි 27කට වැඩි මුදලක් ලබා දෙනවා. ඒ වගේම කොන්ත්‍රාත් කරන්න මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බවත් අවධාරණය කළා." පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ යන මහත්වරුන් මාධ්‍ය හමුවේ කීහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට උප සභාපති ධූර ලැබෙන බැවින් යහපාලන රජයෙන් පළාත් පාලන ආයතනවලටත් යහපාලන ගමේ ආණ්ඩු සඳහා අවස්ථාව උදාවී ඇතැයි ද එබැවින් සහයෝගීව කටයුතු කිරීමට එකඟතා පළවී ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග කියයි.

පළාත් පාලන ආයතන 4ක වැඩි කොට්ඨාස සංඛ්‍යාවක් දිනා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇළහැර ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාළන ආයතනවල බලය පිහි‍ටුවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර මේ පිළිබඳව විවිධ මට්ටමේ සාකච්ඡා පැවතියත් තවමත් එකඟතාවලට පැමිණීමට නොහැකි වී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. කෙසේ වෙතත් මේ පිළිබඳව හිටපු පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ තාමත් ඒ පිළිබඳව අදහසක් කීමට නොහැකි බවත් සභාපතිවරුන් නම් කිරීම සිදු කර නැති බවත් ඉදිරි දින කිහිපය ඇතුළත් තම පළාත් පාලන ආයතනවල බලය පෙන්වීම සිදුවන්නේ කෙසේද යන්න ජනතාවට හෙළිදරව් කරන බවත් ය.

ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොළොන්නරුව ශ්‍රීලනිප බලය පිහිටුවන්නට ජනපතිගෙන් උපදෙස්
පොළොන්නරුව ශ්‍රීලනිප බලය පිහිටුවන්නට ජනපතිගෙන් උපදෙස්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/233c77b04f91688870fb1e1995cc4f98_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_846.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_846.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy