දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර

රටක් දියුණුවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවන බවයි අමාත්...

ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර

රටක් දියුණුවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (26) එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

‘‘කෘෂිකාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන්ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

mangala 01

mangala 02

mangala 03

mangala 04

mangala 05

mangala 06

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර
ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/efb35f30d5b76fb5f744259760db5ba0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy