තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගාවලිය දින දෙකක් පුරා පැවති අතර පළමු තරගයට මුහුණ දුන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ටෙනිස් පිටියට බට ෂාමල...
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගාවලිය දින දෙකක් පුරා පැවති අතර පළමු තරගයට මුහුණ දුන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ටෙනිස් පිටියට බට ෂාමල් දිසානායක සහ තායිලන්තයේ ජිරාන් නවසිරිසොම්බූන් ක්‍රීඩකයාය.
තරගයේ පළමු වටයේදී 3/1 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ජිරාන් සමත් වුවද එම වටය අවසන් වනවිට 6/4 ක් ලෙස පළමු වටය ජයගැනීමට ෂාමල් දිසානායක සමත් විය. දෙවැනි වටයේදී සිය ප්‍රතිවාදියාට මුල සිටම හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් ෂාමල් එම වටය ජයගත්තේ ලකුණු 7/5 ක් වශයෙනි.
දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා සහභාගි වූ අතර 2-0 ක් ලෙස එම තරගය පරාජයට පත්වීමට ඔහුට සිදුවිය. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ තායිලන්තයේ අංක 01 ක්‍රීඩකයා වන විෂයා ට්‍රොන්ග්චරොනචෛකුල් ක්‍රීඩකයාය.
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
UN
COMMENTS