මෙම කෘමි රසායන තොගය අඩංගු පොලිතින් ගෝනි 25 ක් කන්දකුලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිටුපස වෙරළේ තිබිය දී එම කඳවුරේ ආරක්ෂකයන් දැක තිබේ. ...
මෙම කෘමි රසායන තොගය අඩංගු පොලිතින් ගෝනි 25 ක් කන්දකුලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිටුපස වෙරළේ තිබිය දී එම කඳවුරේ ආරක්ෂකයන් දැක තිබේ. ඒ අනුව ඔවුන් ඒ බව කල්පිටිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ එම උර අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලීසිය පවසන්නේ ග්‍රෑම් 100 බැගින් වන කුඩා පැකට් 7142ක් අඩංගු උර 25ක් වෙරළෙන් හමු වූ බවත් අයිතිකරුවෙකු නොසිටි බවත්ය. මෙම විෂ රසායනය ඉන්දියාවේ නිෂ්පාදනයක් වන අතර ඒවා නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් බෝට්ටුවකින් මෙරටට ගෙනැවිත් පසුව වෙනත් ප්‍රදේශයකට ගෙන යාමේ අරමුණින් ගුවන් හමුදා කඳවුර පිටුපස වෙරළේ දමා ඇති බවට සැක කෙරේ.
ඒ අනුව ඒවා ප්‍රවාහනය කිරීමට නියමිත වාහනය පැමිණීම ප්‍රමාද වීම නිසා ඊට පෙර පොලීසියට එම ස්ථානයට යා හැකි වූ බව පොලීසිය පවසයි. මේ වනවිට ග්ලයිපසෝට් පැකට් තොගයක් දිවයිනට රැගෙන ආවේ කවුද යන්න සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලආරචිචි මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදු කරති.
ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත
COMMENTS