සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඉකුත් 26 වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම අස්ථි කොටස් පශු වෛද්‍යවර...
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඉකුත් 26 වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම අස්ථි කොටස් පශු වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ යුතු බවයි. ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු කේ.පී.ශානක හර්ෂන මහතා නියෝග කළේ පරික්ෂණය 06 වනදා අධිකරණ භූමියේ සිදුකරන ලෙසයි.
කල්ලාරු ඇතාගේ ඇත්දළ සහ අස්ථි නිවැරදිව සැසදෙයි
ඒ අනුව වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු පිරිස අනුරාධපුර අධිකරණ භූමියේදී පරික්ෂණයන් සිදුකළ අතර පොලිසිය අත්අඩංගුවට ගත් ඇත්දළ යුගලය හා සොයාගත් හිස ඇතුළු අස්ථි කොටස් එකිනෙක නිවැරදිව සැසදෙන බව නිගමනය කළේය. ඇතාගේ ඇත්දළ හිස් කඹලට සවිකිරීම සිදුකළ අතර එය නියමාකාරයෙන්ම ඊට සම්බන්ධවන බවත් සොයාගත් අස්ථි කොටස්වල වෙඩි ප්‍රහාරයක කිසිදු සලකුණක් නැති බව ඒ මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට අනුරාධපුර පණ්ඩුගම පිහිටි වනජීවි සංරක්ෂණ සෞඛ්‍ය කළමණාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාද පැමිණ සිටි අතර සජීවීව සිටියදි කල්ලාරු ඇතාගේ දළ යුගලය පිහිටා තිබූ ආකාරය සම්බන්ධයෙන් මතකයක් තිබෙන බවත් එම දළ යුගලය වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සවිකළ ආකාරයට තිබුණු බවත් ඒ මහතා පැවසුවේය.මෙම අස්ථි කොටස් කල්ලාරු ප්‍රදේශයේ සැරිසැරූ කල්ලාරු ඇතාගේම විය හැකි බවට නිගමනය කළ හැකි බව ඒ මහතා කීවේය.
සැකකරුවන් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පොලිසිය අත්අඩංගුවටගත් දළ යුගලය සත්‍ය ඇත්දළ බවට තහවුරු කරමින් සත්ව උද්‍යාන දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් දම්මිකා මල්සිංහ මහත්මිය විසින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පසුගිය 27 වනදා ලබාදුන් වාර්තාවේ සඳහන් වේ. නැවතත් පසුගිය ජනවාරි මස 26 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර මවුලවීවරයා ඇතුළු තිදෙනාව පෙබරවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස්මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නවරත්න අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 12531 එල්.පී.එන්.සී සෝමතිලක පොලිස් කොස්තාපල් 47799 ප්‍රේමජයන්ත අඩවි ආරක්ෂක එච්.ආර්.ඩී.එස් සේනානායක යන මහත්වරුන් සමග අධිකරණ සේවකය පශ්චාත් මරණ පරික්ෂණයට සහභාගී වූහ.
පොලිස් උපයදූත මෙහෙයුම
අනුරාධපුර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා වෙත ලද තොරතුරකට අනුව පසුගිය දෙසැම්බර් 28 වනදා අඩි 04යි අඟල් 7ක් දිග ඇත්දළ යුවළක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත් වේ. ඒ අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා ඇතුළු උපායදූත පොලිස් නිලධාරීන් පිරිසකට ඇත්දළ යුගලය රුපියල් පනස් ලක්ෂයකට විකිණීමට යාමේදීය.
මේ අතර පසුගිය ජනවාරි මස 5 වනදා කල්ලාරු ඇතාගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් මන්නාරම - සිලාවතුර නාඩ්ඩුකුට්ටු මොල්ලිකුලම් ප්‍රදේශයෙන් හමු වේ. මොල්ලිකුළම වනජීවී කාර්යාලයේ නිලධාරින්ට හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව කිඹුලන් ගහන මෝදර ගඟ තරණය කිරීමෙන් අනතුරුව හමුවන නාඩ්ඩුකුට්ටු කැලෑ ප්‍රදේශයට ගොස් මරා දැමුණු බවට සැකකරන කල්ලාරු නම් හස්තියාගේ අස්ථි කොටස් බවට සැකකරන අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබිණ. ඒ වන විටත් කල්ලාරු ඇතා අතුරුදන් වී මාස 08ක පමණ කාලයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට දකින්නට නොලැබුණ බව වාර්තා වී තිබුණි.
ඇත්දළ යුගළ DNA පරීක්ෂණයට
ඒ අනුව කල්ලාරු ඇතාගේ යැයි සැකකෙරෙන ඇත්දළ යුගළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික තක්‌සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්‌සේරුකරු වෙත ඉදිරිපත් කිරීම ජනාවාරි මස 08 වනදා කොළඹට රැගෙන ගියේය. ශ්‍රී ලංකාවෙන් දැනට හමුවූ විශාලතම ඇත්දළ යුගලය බවට සැකකරන මේ ඇත්දළ යුගල සැබෑ ඇත්දළද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහාත් ඇත් දළ යුගලයේ වටිනාකම නිවැරදිව තක්‌සේරු කර ගැනීම සඳහාත් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව මෙම නියෝගය නිකුත් කර තිබුණි.
ඩබ්.බී.මහේෂ් - අනුරාධපුර
COMMENTS