රටේ මේ වන විට ඇති දැවෙන ප්‍රශ්නය වයිෆයි නොමැතිකම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) පක්ෂ මූලස්ථානයේ...
රටේ මේ වන විට ඇති දැවෙන ප්‍රශ්නය වයිෆයි නොමැතිකම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් මේ වසර අවසාන වීමට ප්‍රථම සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබාදෙන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
ගම්වාසීන්ට සිය ගොවිතැන් කටයුතු සඳහා පොහොර වෙනුවට වයිෆයි යෙදිය හැකිදැයි ඔහු මෙහිදී අසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
"වර්තමානයේ රටේ දැවෙන ප්‍රශ්නය වයිෆයි. පොහොර වගේ දේවල් නෙවෙයි. අගමැතිතුමා කොල්ලෝ කෙල්ලෝන්ට ලව් කර කර ඉන්නලු. වෙන වැඩක් නෑ. ලව් කරන්නත් කන්න එපැයි". යනුවෙන් සඳහන් කළේය.
COMMENTS