රතු පස්වලදී වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද ...
රතු පස්වලදී වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද (24) දැනුම් දෙනු ලැබීය.
ඒ මීට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
අද (24) සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සිව්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට නඩුව යළි කැඳවන ලබන 28 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.
නඩු ගොනුවේ උදෘත නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාර්තු 28 වනදා ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් හතරදෙනා යළි හමුදා සේවයේ පිහිටුවා ඇති බව අධිකරණයේදී අද අනාවරණය විය.
පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල වැසියන් සිදු කළ විරෝධතාවක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අදාළ තරුණයන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණේ 2013 අගෝස්තු මස 01 වනදාය.
COMMENTS