මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති ...
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු මෙතෙක් නිවැරදිව සහ පිරිසිදුව සිදුවූවා සේම එහි ඉදිරි කටයුතු ද නිසි අයුරින් සිදුකිරීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නොමැති අතර, සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමග ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.
කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට වසර ගණනාවක් පුරා ඡන්දය ලබාදුන්නද වසර 25 කට මෑත යුගය තුළ එම ජනතාවගේ ගැටලු විසඳීමට ඡන්දය ලබාගත් කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු කර නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ජනතාව අද මුහුණදී තිබෙන ගැටලු පිළිබඳ ඔවුන්ගේ ඡන්දය ලබාගත් සියලුදෙනා වගකිව යුතු බව ද කියා සිටියේය.
නගරයේ අලංකාරය, පවිත‍්‍රතාවය මෙන්ම එම ජනතාවගේ ජීවිත ලස්සන කිරීම ඉතා අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා පිටකොටුව සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ගේ මෙන්ම පදික වෙළෙඳාමේ නිරතවන පිරිසගේ ගැටලු විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ද ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් සාමාජික කාඩ්පත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
COMMENTS