මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ඇප කොන්දේසි කඩකර ඇති අදාල සැකකරු අධිකරණය ඉදිරිපත් කරන ලෙසයි. එ් අනුව ලබන පෙබරවාරි 25 වැනිදා නැවත මෙම නඩුව...
මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ඇප කොන්දේසි කඩකර ඇති අදාල සැකකරු අධිකරණය ඉදිරිපත් කරන ලෙසයි. එ් අනුව ලබන පෙබරවාරි 25 වැනිදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිත අතර එදිනට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන්ට නියෝග කළේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි නම් අදාල ශරීර ඇපවල වටිනාකම ගෙවන ලෙස ද නියෝග කර තිබේ.
සැකකරු වෙනුවෙන් මාතර වැලිගම ප්‍රදේශයේ පුද්ගලයන් හය දෙනෙකු ශරීර ඇප තබා තිබූ අතර ඔවුන් පසුගියදා රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඉල්ලා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි. රුසියානු තානාපති කාර්යාල ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ වෙමින් අදාල ඇප මුදල් තානාපති කාර්යාලය හරහා ගෙවීමට එකඟ වී ඇත.
ඒ අනුව අදාල ඇපකරුවන් විසින් මේ බව රුසියානු තානාපති කාර්යාලය වෙත දැනුම් දීමට නියමිතය.
COMMENTS