ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට රවී කරුණානායක මහතා හෝ වෙනත් එජාප සාමාජිකයකු සම්බන්ධ බවට අනාවරණය වී නැතත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිති...
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට රවී කරුණානායක මහතා හෝ වෙනත් එජාප සාමාජිකයකු සම්බන්ධ බවට අනාවරණය වී නැතත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ට ම අයත් වෝල්ට් ඇන්ට් රෝ සමාගමෙන් ගෙවන ලද නිවාස බදු මුදල් නිසා රවී කරුණානායක මහතා අයුතු ප්‍රතිලාභ ලබා ඇති බවට කළ නිගමනය අනුව ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට බැඳුම්කර කොමිසම තීරණය කර ඇති බව කබීර් හෂීම් මහතා තම නිවේදනයෙන් පෙන්වා දෙයි.
එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ රවී කරුණානායක මහතා කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව ද සලකා බලා විමර්ශන කොමිශන් සභා පනත යටතේ හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවට ද කොමිශන් සභා වාර්තාවේ සඳහන් වන බවයි.
එහෙයින් මෙම කරුණු සලකා බලා රවී කරුණානායක මහතාට එරෙහිව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම විසින් අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ නඩු පැවරුවහොත් එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එජාප උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එජාප නායකතුමන් විසින් පත් කළ මාරපන කමිටුවේ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කබීර් හෂීම් මහතා සිය නිවේදනයෙන් ප්‍රකාශ කරයි.
RN
COMMENTS