දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සිරිලක ජගත් කළු සල්ලි පිටියට - ඔබ අපට ද ආඩම්බරයකි !

මුදල් විශුද්ධිකරණය හෙවත් ‘මනි ලොන්ඩරින්‘ සඳහා වැඩිම අවදානමක් තිබෙන ලෝකයේ රටවල් 11 අතරට ශ්‍රී ලංකාව ද ලැයිස්තුගත වී තිබේ. මේ බව හෙළිකර සිට...

සිරිලක ජගත් කළු සල්ලි පිටියට - ඔබ අපට ද ආඩම්බරයකි !

මුදල් විශුද්ධිකරණය හෙවත් ‘මනි ලොන්ඩරින්‘ සඳහා වැඩිම අවදානමක් තිබෙන ලෝකයේ රටවල් 11 අතරට ශ්‍රී ලංකාව ද ලැයිස්තුගත වී තිබේ. මේ බව හෙළිකර සිටින්නේ FATF හෙවත් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය බලකාය (The inter-governmental Financial Action Task Force) විසිනි. මේ අනුව ලංකාව කළු සල්ලි සඳහා ඉහළම අවදානමක් ඇති රටක් වශයෙන් පමණක් නොව, මුදල් විශුද්ධිකරණයට වළක්වාලීම ඇතුළු අන්තර්ජාතික මූල්‍ය පද්ධතියට ඇතිවන තර්ජනය මර්දනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගන්නා රටවල් කණ්ඩායම අතරට ද එක් ව තිබේ.

මෙම කුලකයේ සිටින සෙසු රටවල් වන්නේ බොස්නියා හර්සගොවීනාව, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ට්‍රිනිටෑඩ් සහ ටොබගෝ, ටියුනීසියාව, වනුආටු සහ යේමනයයි. මේ රටවල් සියල්ලම අන්ත දූෂිත සහ දුර්දාන්ත පාලනයන් සහිත රටවල් වශයෙන් කුප්‍රකට වී ඇති රටවල් ය.

මේ අනුව දකුණු ආසියාවෙන් මේ අපකීර්තිමත් ලැයිස්තුවට හසුවන එකම රට ලංකාව වේ. මෙම ලැයිස්තුව මේ වන විට FATF වෙබ් අඩවියේ පළ කර ඇත.

FATF හෙවත් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය බලකාය, අන්තර්ජාතික මූල්‍ය පද්ධතියට බලපෑම් සහ තර්ජන ඇතිකරන සාධක සම්බන්ධයෙන් විමසිලිමත් වන බලවේගයකි. ඔවුන් මේ වනවිට එකී බලපෑම් සහ තර්ජන ඇතිකරන ප්‍රධානතම සාධක දෙක වශයෙන් හඳුනාගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වළක්වාලීමට පියවර නොගැනීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමයි.

2017 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව මෙම අන්තර්ජාතික ඒජන්සිය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා/පැසිෆික් කණ්ඩායම සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉහළ පෙළේ සම්මුතියකට එළඹී තිබුණේ කළු සල්ලි ජාවාරම මර්දනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ එහිදී ඇතිවන තාක්ෂණික දෝෂ හඳුනාගනිමින් ඒවාට පිළියම් යෙදීම සඳහා ය. එහිදී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්ම අනුව මහබැංකුව තුළ මූල්‍ය බුද්ධි අංශයක් (Financial Intelligence Unit -FIU) ද ස්ථාපිත කෙරිණි. වසර 2018 අවසන් වන විට මුදල් විශුද්ධිකරණ ගැටළුව අවසන් කිරීම සඳහා නිර්දේශ 40 ක් ක්‍රියාත්මක කිරීමට එමගින් අරමුණු කෙරිණි.

එනිසා මෙහිදී පැන නගින ගැටළුව වන්නේ, එම ක්‍රියාකාරී සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් ලංකාව මෙම අපකීර්තිමත් ලැයිස්තුවට එක් වූයේ කෙසේද යන්නයි. එනිසා මෙම ශ්‍රේණිගත කිරීම  රාජ්‍ය පාර්ශවයෙන් මෙම ගැටළුව අවංකව විසඳීම සඳහා පවතින උනන්දුව නැවත නැවතත් ප්‍රශ්න කර සිටියි.

පසුගියදා සිවිල් සමාජ ක්‍රියාකාරී චන්ද්‍රා ජයරත්න මහතා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ ඉහත කී නිර්දේශ කඩ කිරීම හේතුවෙන් ලංකාව ඉදිරියේදී තවදුරටත් මෙම ශ්‍රේණිගත කිරීම්වල පල්ලම් බැසීමට ඉඩ තිබෙන බවයි. එහිදී අදාළ නිර්දේශ කඩකිරීම සම්බන්ධයෙන් මෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස හුවමාරු වීම පිළිබඳව ද ලංකා රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මුදල් විශුද්ධිකරණ පනතක් ද (2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත) 2006 වසරේ ලංකාවේ නීතියේ කොටසක් බවට පත්වූ අතර මෙම පනත 2011 වසරේදී අංක 40 දරණ පනත මගින් නැවත සංශෝධනය කර එහි තිබූ විධිවිධාන ක්‍රමවත් කිරීම සහ දැඩි කිරීම සිදුකරන ලදී. නමුත් අන්තර්ජාතික තලයේදී දැන් ලැබෙන ප්‍රතිඵල අනුව පෙනී යන්නේ කළුසල්ලි ජාවාරම ලංකාවට මර්දනය කිරීම, කර ගත නොහැකි බවට හෝ ඒ සඳහා උත්සාහ කිරීමට අසමත් බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇතිවෙමින් පවතින සෘණාත්මක හැඟීමයි. එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින්, එකිනෙකා වෙත බෝලය පාස් කරමින් සිටිනවා විනා, වසර ගණනාවක් තිස්සේ කතාබස් කෙරෙන මෙම උවදුරට වගකිවයුතු කිසිවෙක් මේ දක්වා නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කර නැත. 

ලංකාවට 1981-82 කාලයේ ටෙස්ට් වරම් ලැබුණාම ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගාමිනී දිසානායක අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ලංකාව පුරා ඇළවුණු පෝස්ටරයක මෙසේ දැක්විණි.

‘‘සිරිලක ජගත් ටෙස්ට් පිටියට-ඔබ අපට ද ආඩම්බරයකි.‘‘

අද, ඉමහත් ලැජ්ජාවෙන් සහ කණගාටුවෙන් යුතුව අපට අළවාගන්නට තිබෙන පෝස්ටරය මෙසේ ය. ‘සිරිලක ජගත් කළු සල්ලි පිටියට-ඔබ අපට ද ආඩම්බරයකි‘!

- අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරිලක ජගත් කළු සල්ලි පිටියට - ඔබ අපට ද ආඩම්බරයකි !
සිරිලක ජගත් කළු සල්ලි පිටියට - ඔබ අපට ද ආඩම්බරයකි !
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/93c3405bbc5212bbcb5cee5863d63e12_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_711.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_711.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy