දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මේක ගම හදන මැතිවරණයක්' : ධනුෂ්ක රාමනායක.
Homeගොසිප්

'මේක ගම හදන මැතිවරණයක්' : ධනුෂ්ක රාමනායක.

PropellerAds

වමේ පැත්තක්, වමේ භූමියක්, වමේ අඩවියක් ලෙස නම් දරා තිබූ මහරගම අද වනවිට එම නාමකරණයෙන් මිදී සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන උගත් බුද්ධිමත් දැන...

ගිනි පොලී ණය 'උගුලට' හිරවුවන් බේරාගැනීමට මංගල සැරසෙයි.
මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි : ගැටඹේ හිමිගේ ෂෝක් බණ ටික....
පොහොට්ටුවෙ මන්ත්‍රීලා රෝසි සල්ලිවලට අරන්?
වමේ පැත්තක්, වමේ භූමියක්, වමේ අඩවියක් ලෙස නම් දරා තිබූ මහරගම අද වනවිට එම නාමකරණයෙන් මිදී සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන උගත් බුද්ධිමත් දැනුවත් මිනිසුන් පිරිසක් සිටින පුරවරයක් බවට පත්ව තිබෙන බව මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

උගත් බුද්ධිමත් දැනුවත් සමාජයක් සහිත මහරගම පුරවරය වඩා විධිමත් නගරයක් බවට පත්කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීම සහ සමාජ කටයුතු මෙහෙයවීම වත්මන් දේශපාලකයන්ට, දේශපාලනය පිවිසීමට සූදානම් වන අපේක්ෂකයන්ට පැවරී තිබෙන ප්‍රධාන වගකීමක් බවත්, වංචාව රජයන, දූෂණය රජයන, හොරමැරකම් රජයන, ඒ තුළ ජීවිකාව ගොඩනගාගන්නා, ඒ තුළ තමන්ගේ බඩවියත රැකගන්නා දේශපාලඥයන් කොටසක් රැකීම හෝ ගොඩනැගීම තම අරමුණ නොවන බව ධනුෂ්ක රාමනායක මහතා පවසයි. රාමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ, සිය මැතිවරණ ව්‍යාපාරයේ 07 වන ජන හමුව ඊයේ(24) වත්තේගෙදර මිල්ලගහවත්ත පාරේ පිහිටි ප්‍රියන්ත මහතාගේ නිවසේ පවත්වමිනි.

පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් ලෙස හැඳින්වුවද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට රට පුරා අපේක්ෂකයන් 54,000 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටින බවත්, ඉන් 45% ක් පමණ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් ඉදිරියට පැමිණි තරුණ පිරිසක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එහිදී ජනහමුව ඇමතූ රාමනායක මහතා,

"සමාජයේ අදහසක් තිබෙනවා බුද්ධිමතුන් උගතුන් මේ දේශපාලන පොරපිටියට, මඩගොහොරුවට  එන්නෙ නෑ කියල. අපි හැමෝම එහෙම හිතල කිසිවක් නොකර බලාගෙන හිටියොත් අනාගතයේදී මේ රට පාලනය කරන්නේ කිසිදු අධ්‍යාපනයක්, දැනුමක් නොමැති, කිසිදු වැඩක් නිසියාකාරව කරගත නොහැකි මිනිසුන් පිරිසක්. ඒ නිසා අපි රට එවැනි තත්ත්වයකට යාමට ඉඩ නොදී සංවර්ධිත රටක් කරා ගෙනයාමේ පෙරමුණ ගතයුතුයි.

ගම හදන්න පාට පක්ෂ භේදයකින් තොරව ගමේ ඉන්න ගම් වැසියාත්, පළාත් පාලන ආයතනවල ඉහළ නිලධාරියාගේ සිට සුළු සේවකයා දක්වාත්, දේශපාලකයන් සහ අපේක්ෂක අපේක්ෂිකාවනුත් එකමුතුව වැඩකළ යුතුයි. පිල් වලට බෙදී ගහමරාගෙන පවතින ජරාජීර්ණ ක්‍රියාවලියේම නිරතවන්නේ නම් ගමේ සංවර්ධනයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි.

මහරගම උදාවී තිබෙන තරුණ ප්‍රබෝධය, දැනුම් ආර්ථිකයත් නවෝත්පාදනයත් සමඟ සමාජයට එකතු කරන්නට ලැබී තිබෙන අවස්ථාවේ ඔබ සියළු දෙනාගේම සහය අපට ලබාදෙන්න. අපි ඔබට ඉදිරිපත්කොට තිබෙන, ප්‍රකාශයට පත්කොට තිබෙන මාවත පමණක් නොව, ඉන් ඔබ්බට ගිය විධිමත් සංවර්ධන ව්‍යාපෘති හරහා මහරගම සමෘද්ධිමත් නගරයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මේවන විටත් අප විසින් ආරම්භ කොට අවසන්.

ඒ වගේම මහරගම නගර සභාව සැමට විශ්වසනීය සහ ගෞරවනීය මහජන සේවයක් ලැබෙන කාර්යක්ෂම නගර සභාවක් බවට පත්කිරීමට අවශ්‍ය නායකත්වය සහ දායකත්වය ලබාදීමට අපට හැකියාවක් තිබෙනවා. ගමෙන් පටන්ගෙන සමාජ සේවයට අවශ්‍ය නිවැරදි යාන්ත්‍රණය සහ ශක්තිය සමස්ත සමාජය වෙනුවෙන් මුදා හරින්න අප සූදානම්. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය අත්‍යාවශ්‍යයි."

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් අසූවකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මේක ගම හදන මැතිවරණයක්' : ධනුෂ්ක රාමනායක.
'මේක ගම හදන මැතිවරණයක්' : ධනුෂ්ක රාමනායක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiI1BSJ_ZCWsoJShs60gycdi6be9pMJLefzqnMZjzFh4eLaTAaRJOYHAYK6jr0GN7nP_J4zuo0v31e66oEzu0n5ZtTHlFWAcH-Okb4DQy_6cguzbEAfOyiu8oiua7QA2ocmaYTwF66FE6nK/s1600/2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiI1BSJ_ZCWsoJShs60gycdi6be9pMJLefzqnMZjzFh4eLaTAaRJOYHAYK6jr0GN7nP_J4zuo0v31e66oEzu0n5ZtTHlFWAcH-Okb4DQy_6cguzbEAfOyiu8oiua7QA2ocmaYTwF66FE6nK/s72-c/2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_586.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_586.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy