ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල ගයන්ත කරුණාතිලක මහතා විසින් 2017 ජනවාරි 20 වන දින අංක 2002/42 දරණ ගැසට් පත‍්‍රය පල කරම...
ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල ගයන්ත කරුණාතිලක මහතා විසින් 2017 ජනවාරි 20 වන දින අංක 2002/42 දරණ ගැසට් පත‍්‍රය පල කරමින් 2017 පෙබරවාරි 03 වන දින සිට පුරවැසියන්ට පනතේ සදහන් ඔීනෑම පොදු අධිකාරියකින් තොරතුරු ඉල්ලීමක් සිදු කල හැකි බවට නිවේදනය කරන ලදී. එසේම තොරතුරු ඉල්ලිම සදහා අදාල වන අමාත්‍යවරයාගේ නියෝග හා තොරතුරු අයිතිවාසිකම් කොමීෂන් සභාවේ රීති 2017 පෙබරවාරි 03 වන දින අංක 2004/66 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රසිද්ධ කරන ලදී.
ඒ අනුව 2018 පෙබරවාරි 04 වන දිනට තොරතුරු අයිතිවාසිකම ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගී වසරකි.
තොරතුරු පනත නීතියක් බවට පත් කීරීම පිළිබද මූලික සාකච්ඡුාව කැබිනට් මණ්ඩලයට ගෙන එන්නේ 1994 වසරේදී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා විසිනි. පසුව 2004 වසරේදී මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුව විසුරුවාහරින ලදී. 2010 දී හා 2011 වසරවලදී විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙක කරු ජයසූරිය මහතා පුද්ගලික මන්ත‍්‍රී පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කලද එය එවකට රජය එය පරාජය කරන ලදී.
2015 ජනාධිපතිවරණයේ ප‍්‍රමුඛ පොරොන්දුවක් වූ තොරතුරු අයිතිවාසිකම් පනත 2016 වසරේදී පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලොව තොරතුරු අයිතිවාසිකම් පනත් 112ක් අතරින් ශ‍්‍රී ලංකික තොරතුරු පනත ශක්තිමත්භාවය අතින් තුන්වන ස්ථානයේ පසුවේ.
මේවන විට තොරතුරු අයිතිවාසිකම් කොමිසම හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ තොරතුරු අයිතිවාසිකම් ඒකකය පිහිටුවා ඇත. රජයට අයත් පොදු අධිකාරීන් සියල්ලම පාහේ තොරතුරු නිලධාරින් පත් කල ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යංශය තොරතුරු කොමිෂන් සභාවේද සහය ලබාගෙන මේ වන විට තොරතුරු නිලධාරීන් පුහුණුකරුවන් 190ක් පුහුණුකර ඇති අතර ඔවුන් විසින් මේ වන විට රාජ්‍ය නිලධාරීන් 4000ක් පමණ තොරතුරු පනත පිළිබදව පුහුණු කර ඇත.
එයට අමතරව තොරතුරු නිළධාරීන්ගේ අත් දැකීම් හුවමාරු කරගැනීමේ සැසි පළාත් මට්ටමින් පවත්වනු ලබයි.
තොරතුරු පනතේ ක‍්‍රියාකාරීත්වය සදහා සේවා සැපයීම සදහා අඅඅගරඑසගටදඩගකන නැමති වෙබි අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශය පවත්වාගෙන යයි.
ජනතාව තොරතුරු ඉල්ලීම් හරහා තම ගැටලූ විසදාගනිමින් සිටියි. තොරතුරු අයිතිය ප‍්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍යංශයට අමතරව සිවිල් සංවිධාන ගනනාවක්ද කටයුතු කරන අතර අමාත්‍යංශයේ තොරතුරු අයිතිවාසිකම් ඒකකය විසින් එම සිවිල් සංවිධාන හමුවක් සෑම මාස 3කටම වරක් ජාතික මට්ටමින් පවත් වන අතර පළාත් මට්ටමින් ක‍්‍රියාකරන සිවිල් සංවිධාන සමගද කටයුතු කරයි.
COMMENTS