ඉදිරි පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මැතිවරණ කටයුතු ඊයේ (06) බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මැතිවරණ කටයුතු ඊයේ (06) බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂකයන් තිදෙනෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එක්විය.
එම අවස්ථාවේදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ඌව වෙල්ලස්ස පමණක් නොව ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත් ජනතා විමුක්ති පෙරමුණේත් අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වන බවයි.
මෙය එක්සත් ජාතික පක්ෂයට ඉතාම වැදගත් අවස්ථාවක් ලෙසත්, වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා සුවිශේෂ ආකර්ෂණීය බවකින් ඡන්ද දායකයෝ එක්රොක් වෙමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසී ය.
එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දී එක්සත් ජාතික පාක්ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් රජය පරාජයට කරන මුල් අඬහැරය වූයේ ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් තමන් විසින් ලබාගත් මැතිවරණය බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS