බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී වීම ජනතා විමුක්ති පෙරමුණේ...
බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී වීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීම වෙනුවට ජනාධිපතිවරයා හමුවට පක්ෂ නායකයන් කැඳවීමේ අවශ්‍යතාවයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (29) පෙරවරුවේ කැඳවා තිබූ පක්ෂ නායක හමුවට සහභාගී නොවීම ගැන විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
අදාළ කොමිසම් වාර්තාව ගැන ජනාධිපති ලේකම්වරයා අවස්ථා දෙකකදී එකිනෙකට වෙනස් ප්‍රකාශ නිකුත් කළැයි චෝදනා කළ හෙතෙම ඒ ගැන විමසීමට ඔහු පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එය රටේ ජනතාවට හෙළි කළ යුතු කරුණක් නිසා යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කොමිසම් වාර්තාව ගැන ප්‍රශ්නයක් වේ නම් එය සාකච්ඡාවට භාජනය කළ යුත්තේ මහජන නියෝජිතයන් රැස්වන පාර්ලිමේන්තුවේ මිස ජනාධිපති කාර්යාලයේ නොවන්නේ යැයි ද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS