හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සිය අවි ආයුධ භාරදී ඇති බවත් ඔවුන් සියලු දෙනා පුනරුත්තාපනය කර නැවත සමාජගත කර ඇති බවත් සිවඥානම් මහතා පවසයි. එවැනි...
හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සිය අවි ආයුධ භාරදී ඇති බවත් ඔවුන් සියලු දෙනා පුනරුත්තාපනය කර නැවත සමාජගත කර ඇති බවත් සිවඥානම් මහතා පවසයි. එවැනි වාතාවරණයක් තුළ තවදුරටත් එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නොසැලකිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔවුන් ත්‍රස්ත සංවිධානයක් වුවද ඔවුන්ට අවශ්‍ය වූයේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට බවත් අවසානයේ ඔවුන්ට ඒ වෙනුවෙන් ආයුධ අතට ගැනීමට සිදු වූ බවත් උතුරු පළාත් සභාපතිවරයා අවධාරණය කරයි. උතුර් දේශපාලනඥයන් ද සිය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
තවදුරටත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන්ද සමාජගත කර ඔවුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම වෙනුවෙන් රජය කටයුතු කළයුතු බවත් එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කළයුතු බවත් ඔහු අවධාරණය කරයි.
COMMENTS