දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව වසරේ එකට හැප්පෙන බොලිවුඩ් තරු හතර.
Homeගොසිප්

නව වසරේ එකට හැප්පෙන බොලිවුඩ් තරු හතර.

PropellerAds

මේ වසරේ බොලිවුඩ් සිනමාව තුළ විශාල වෙනස්කම් සිදුවන වසරක් වන බව නම් නොඅනුමානය. වසරේ ආරම්භයේ සිටම එළිදැක්වීමට ඇති චිත්‍රපට ප්‍රමාණයත් සමගින්...


මේ වසරේ බොලිවුඩ් සිනමාව තුළ විශාල වෙනස්කම් සිදුවන වසරක් වන බව නම් නොඅනුමානය. වසරේ ආරම්භයේ සිටම එළිදැක්වීමට ඇති චිත්‍රපට ප්‍රමාණයත් සමගින් බොලිවුඩ් සිනමාවේ ගමන් මග පිළිබඳව බොහෝ දෙනෙකු පුදුම වී තිබේ. ඒ වසරේ ආරම්භයේම එළිදැක්වීමට ඇති චිත්‍රපට කිහිපයක් හේතුවෙනි. මෙම මාසයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපට අතරින් ප්‍රධාන චිත්‍රපට කිහිපයක් තිබේ. ඒ ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන 'පෑඩ් මෑන්', සයිෆ් අලී ඛාන් ප්‍රධාන 'කාලකාන්දි' චිත්‍රපටයද, අර්බාස් ඛාන් රංගනයෙන් දායක වන 'නිර්දෝශ්' චිත්‍රපටය සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වන 'අයියාරි' චිත්‍රපටයයි. මෙම චිත්‍රපට 04ට අමතරව තවත් චිත්‍රපට කිහිපයක් මෙම මාසයේ එළිදැක්වීමට නියමිතව තිබුණත්, ප්‍රධාන වශයෙන් බොහෝ දෙනා ඉලක්ක කර ඇති චිත්‍රපට 04 මෙය බව සඳහන් වේ. මෙහි ඇති ප්‍රධාන නිළියන් අතරේ ඇතිවන තරගකාරීත්වය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ මෙම චිත්‍රපටයන්හී ප්‍රචාරක වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති නිසාවෙන්, ඔවුන් මේ කාරණාවන් සඳහා බොහෝ වෙහෙසෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

1. රාධිකා අප්ටේ

ආක්ෂේ කුමාර් විසින් ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වන %පෑඩ් මෑන්^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතට පණ පොවනු ලබන්නේ රාධිකා අප්ටේය. ඇය පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූයේ ඇයගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගිනි. 2005 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, බොහෝ ප්‍රසිද්ධියක් උසුලන ලැබුවේ දමිළ සිනමාව තුළය. 2005 වසරේ තිරගත වූ Vaah! Life Ho Toh Aisi! නම් සිනමා නිර්මාණය තුළින් තම සිනමා ජීවිතය ආරම්භ කරන ලදී. සිනමාවට නවකයෙකු වුවත් රාධිකා 2003 වසරේ සිට වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් වූ බව සඳහන් වෙයි. 2003 සිට 2013 දක්වා වේදිකා නාට්‍ය 13කට අධික සංඛාවක් සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ. 2005න් පසු ඇය නැවත සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන්නේ Antaheen නම් බෙන්ගාලි නිර්මාණයක් සඳහාය. එම වසර තුළදී ඇය සිනමා නිර්මාණ තුනක් සඳහා දායක වූ අතර, ඒ මරාති භාෂාවෙන් නිර්මාණය කරනු ලැබූ ඒවාය. 2010 වසරේදී ඇය නැවත හින්දි සිනමාවට පිවිසෙන ලදී. ඒ The Waiting Room නම් හින්දි සිනමා නිර්මාණය සදහායි. 2010 සිට 2016 දක්වා සිනමා නිර්මාණයන් 26කට අධික සංඛ්‍යාවක් සඳහා ඇය රංගනයෙන් දායක විය. එහිදී ඇය වැඩි වශයෙන් රංගනයෙන් දායක වූයේ දමිළ සිනමා නිර්මාණයන් සඳහායි. 2016 තිරගත වූ 'කබාලි' සිනමා නිර්මාණයෙන් පසුව රාධිකා බොහෝ ජනප්‍රියත්වයට පත්විය. ඒ එහි රජනිකාන්ත් සමගින් ප්‍රධාන චරිතයට ඇය පණ පෙවූ නිසාවෙනි. 2017දී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒ චිත්‍රපටද මූලම්‍ය වාර්තා අතරට පැමිණ තිබේ. 2018 වසරේ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට 04ක් තිරගත වීමට නියමිතව තිබේ. ඒ අතරින් මෙම මාසයේ එළිදැක්වීමට ඇත්තේ, ආක්ෂේ කුමාර් සමගින් රංගනයෙන් දායක වන 'පෑඩ් මෑන්' චිත්‍රපටයයි. 

2. ඊශා තල්වාර්

බොලිවුඩ් සිනමාවේ වෙනස්ම නිර්මාණයක් ලෙස හඳුන්වන 'Kaalakaandi' චිත්‍රපටය මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. සයිෆ් අලීඛාන් ප්‍රධාන රංගනයෙන් දායක වන මෙහි ප්‍රධාන නිළි රංගනයට දායක වන්නේ නිරූපිකාවක් ලෙස සිනමාවට අවතීර්ණ වූ ඊශාය. හින්දි සිනමාව තුළ ඇය කටයුතු කරනු ලැබුවේ මෑත කාලයේ සිටයි. මලයාලම් සිනමා නිළියක් ලෙස ක්ෂේත්‍රය පිවිසි ඊශා මුල්ම වශයෙන් දායක වූයේ 2012 වසරේ තිරගත වූ Thattathin Marayathu නම් මලයාලම් චිත්‍රපටය සඳහාය. ඉන්පසු එම වසරේදී තිරගත වූ I love Me නම් සිනමා නිර්මාණය තුළින් ක්ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් සාදා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබේ. ඊශා ක්ෂේත්‍රයට නවකයෙකු වුවත්, 2016 වසර අවසාන වන විට සිනමා නිර්මාණයන් 16කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඇය රංගනයෙන් දායක වී තිබිණ. 2017 වසරේ දායක වූ චිත්‍රපටයක් ඇයගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය විය. ඒ සල්මන්  ඛාන්  ප්‍රධාන රංගනයෙන් දායක වූ 'ටියුබ්ලයිට්' චිත්‍රපටයට දායක වීමෙනි. පසුගිය වසරේ ඇය තවත් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Corssroad නම් සිනමා නිර්මාණයයි. මෙම වසරේ ඊශා දායක වන චිත්‍රපටය අභියෝගාත්මක බව ඇය සඳහන් කර තිබේ. සායිෆ් අලී ඛාන්ගේ එම චිත්‍රපටයට නවක නිළියක් දායක කර ගැනීම පිළිබඳවද බොහෝ දෙනා විමතියට පත්ව තිබේ. නවක නිළියක් මගින් චිත්‍රපටයට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ. කෙසේ වුවත් මෙම 12 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිත ඇති  Kaalakaandi සාර්ථකත්වය බැලීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි.

3. මන්ජාරි ෆැඩ්නිස්


නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලැබූ මන්ජාරි ෆැඩ්නිස් සිනමාවට පිවිසෙන්නේ 2004 වර්ෂයේදීය. ඒ Rok Sako To Rok Lo නම් හින්දි චිත්‍රපටයත් සමගිනි. ඇගේ දෙවැනි සිනමා නිර්මාණ ලෙස දායක වන්නේ 2006 වසරේදී තිරගත වූ Faltu නම් සිනමා නිර්මාණය සඳහායි. එය බෙංගාලි භාෂාවෙන් නිර්මාණය කරනු ලැබූවකි. ඉන්පසු  ඇය නැවතත් හින්දි සිනමාවට පිවිසෙන්නේ 2007දී තිරගත වූ Mumbai Salsa නම් චිත්‍රපටයත් සමගිනි. ඒ වන විට ඇය වෘත්තීමය වශයෙන් සිනමා නිළියක ලෙස කටයුතු ආරම්භ කර තිබුණි. 2008 සිට 2017 දක්වා චිත්‍රපට 15කට පමණ ඇය රංගනයෙන් දායක වුවත් එම චිත්‍රපට සාර්ථක චිත්‍රපට අතර නොතිබුණි. මෙම වසරේ එනම් 2018 වසරේ මුලදී තිරගත වන Nirdosh චිත්‍රපටයේ අර්භාස් ඛාන් සමගින් ඇය රංගනයෙන් දායක වෙයි. සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමගින් මෙවැනි නවක නිළියන් නිර්මාණයක් සඳහා යොදාගැනීම පිළිබඳව විවිද මත පවසා තිබේ. චිත්‍රපට විචාරකයන් පවන්නේ චිත්‍රපටයක් සාර්ථකත්වයට එය බෙහෙවින් බලපාන බවයි. කෙසේ නමුත් මේ වන 
විට එහි ප්‍රචාරක වැඩකටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අර්භාස් හා මන්ජාරි යුවළ දායක වන බවද සඳහන් වෙයි.

4. පූජා චොප්රා

මැය වෘත්තීමය වශයෙන් නිරූපිකාවකි. මැයව බොහෝ දෙනා හඳුනන්නේ 2009 %මිස් වර්ල්ඩ්^ වීමත් සමගිනි. නිරූපණය ක්ෂේත්‍රය තුළ කිරුළ පැලඳි ඇය නිරූපණයෙන් බොහෝ දුරක් පැමිණි අයෙකි. ඒ ඇය නිරූපණ ක්ෂේත්‍රය මගින් කිරුළු පැලඳීමයි. නිරූපණය තුළ ඇය බොහෝ කාලයක් ක්ෂේත්‍රය තුළ නියැළී සිටියත් ඇය සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේ තිරගත වූ Ponnar Shankar නම් දමිළ සිනමා නිර්මාණයත් සමගිනි. ඉන්පසු ඇය හින්දි සිනමාවට දායක වන්නේ 2012 දී තිරගත වූ Heroine නම් චිත්‍රපටය තුළිනි. 2012 සිට 2016 වන තෙක් පූජා දායක වූයේ සිනමා නිර්මාණ 04ක් සඳහා පමණි. වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් නොවූ ඇය මෙම මස එළිදැක්වීමට ඇති චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක කරගෙන තිබේ. ඒ Aiyaari නම් හින්දි චිත්‍රපටයයි. එහි ඇය සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග ප්‍රධාන රංගනයෙන් දායක වේ. නවක නිළියක් යොදා ගැනීමෙන් චිත්‍රපටයක සාර්ථකත්වයට ඉතාමත් තදබල ප්‍රහාරයක් එල්ල වන බවයි චිත්‍රපට විචාරකයන් සඳහන් කරන්නේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29396,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව වසරේ එකට හැප්පෙන බොලිවුඩ් තරු හතර.
නව වසරේ එකට හැප්පෙන බොලිවුඩ් තරු හතර.
http://ift.tt/2EaN1Uu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_493.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_493.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy