දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ මැතිවරණය තීරණාත්මකයි - මෛත්‍රීගේ පක්ෂය සන්ධානගත වෙයි
Homeප්‍රවෘත්ති

මේ මැතිවරණය තීරණාත්මකයි - මෛත්‍රීගේ පක්ෂය සන්ධානගත වෙයි

PropellerAds

එක්සත් ජාතික නිදහස් පෙරමුණ හා ජාතික ජනතා පක්‍ෂය අතර පසුගියදා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ...

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි
බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
මේ මැතිවරණය තීරණාත්මකයි - මෛත්‍රීගේ පක්ෂය සන්ධානගත වෙයි

එක්සත් ජාතික නිදහස් පෙරමුණ හා ජාතික ජනතා පක්‍ෂය අතර පසුගියදා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

ඒ අනුව එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා හා ජාතික ජනතා පක්‍ෂය වෙනුවෙන් එහි මහ ලේකම් හා නායක ජානාධිපති නීතීඥ ශී‍්‍රනාත් පෙරේරා මහතා අතර එම ගිවිසුම අත්සන් තබන ලදී.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ශී‍්‍රනාත් පෙරේරා මහතා,

“අපි හැමදාම දූෂනයට වංචාවට විරුද්ධ පක්‍ෂයක්. අපි විශ්වාස කරා මේ රටේ දූෂණයට වංචාවට විරුද්ධ නායකයෙක් කියල රනිල් වික‍්‍රමසිංහ මහතා, නමුත් පසුගිය කාලයේ සිද්ධ වුනු මහබැංකු බැඳුම්කර ගණුදෙනුවත් එක්ක අපිට ඒ තිබුනු විශ්වාසය සම්පූර්ණයෙන් නැතිවුනා. එතුමා සමහර විට මේ හොරකමට සම්බන්ධ නැතුව ඇති. නමුත් එතුමා මේ හොරකමට සම්බන්ධ අය ආරක්‍ෂා කරන්න කටයුතු කරා කියන එක මේ රටේ හැමෝම දැක්කා. ඒ නිසා අපිට එතුමා කෙරෙහි තිබුන විශ්වාසය බිඳවැටුනා අද වෙනකොට මේ ආණ්ඩුවේ ජනතාව බලාපොරොත්තු වුනු යහපාලනය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ජනතා අපේක්‍ෂා බිද වැටිලා මේ හිඩස පුරවන්න මෛතී‍්‍ර ගුණරත්න මැතිතුමා නිර්මාණය කල එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමග සන්ධාන ගත වෙන්න අපි තීරණය කලා. විශේෂයෙන් කොළඹ මහ නගර සභාව ඉලක්ක කරගෙන අද සිට අපේ සටන ආරම්භ කරනවා.” යනුවෙන් ඒ මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛතී‍්‍ර ගුණරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ “මේ රටේ ලොකු හිඩසක් තියනවා, ඒ දුෂණයට වංචාවට විරුද්ධව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව. ඒක තේරුම් අරගෙන තමයි අපි මේ පක්‍ෂය නිර්මාණය කලේ. මේ රටේ දූෂණය වංචාව රජවෙලා. ඒ තත්වය වෙනස් කරන්න කවුරු හෝ මේ සටන අතට ගන්න ඕනේ. ඒ ජාතික වගකීම තමයි අපි මේ ඉටුකරමින් ඉන්නේ.

මේ මැතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක්. මොකද එහෙම කියන්නේ අද එක පිරිසක් ජාතිවාදය අවුස්සමින් මැතිවරණය කරනවා. තවත් පිරිසක් හොරකම සාධාරණිය කරගන්න මැතිවරණයේ ජනවරමක් ඉල්ලනවා. ජනතාව මෙය හොදින් තේරුම් ගන්න ඕන. පසුගියදා විග්නේශ්වරම් මහත්මයා පිටරට ඉන්න බෙදුම්වාදී මත දරණ මහාචාර්ය වරයෙක් ගෙනත් මැතිවරණ කොමසාරිස්ගේ තහනම පවා නොතකා රැස්වීමක් කරා. අපි අහනවා මේකට මොකද මැතිවරණ කොමසාරිස් කරන්නේ කියලා. ඒ වගේම බදුයිදීන් ඇමතිවරයා කැලෑ කපනවා, තමන්ගේ හිතවාදීන්ට ඉඩම් බෙදනවා, වනාන්තර විනාශ කරනවා. විගණන වාර්ථාවකුත් මේ ගැන නිකුත් කරල තියනවා. අපි ජනාධිපති තුමාට කියනවා ඉතා ඉක්මනින් කොමිෂන් එකක් පත් කරලා හොයා බලන්න කියලා.” යැයිද මෛතී‍්‍ර ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ මැතිවරණය තීරණාත්මකයි - මෛත්‍රීගේ පක්ෂය සන්ධානගත වෙයි
මේ මැතිවරණය තීරණාත්මකයි - මෛත්‍රීගේ පක්ෂය සන්ධානගත වෙයි
http://am.lk/media/k2/items/cache/847c80fdc93d928bb2d430cce591944a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_454.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_454.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy