සංදර්ශනයකදී මේ ඉදිරිපත් කිරීම කරන්නට බලාගෙන සිටි සෙබළුන් වෙත සර්පයින්ව මළුවල බහා රැගෙන ආවේ තවත් සෙබළුන් පිරිසකි. මළුවලින් ඉවතට ගනිද්දී සර...
සංදර්ශනයකදී මේ ඉදිරිපත් කිරීම කරන්නට බලාගෙන සිටි සෙබළුන් වෙත සර්පයින්ව මළුවල බහා රැගෙන ආවේ තවත් සෙබළුන් පිරිසකි. මළුවලින් ඉවතට ගනිද්දී සර්පයෝ දඟලන්නටත් ඉවත දුවන්නටත් පටන් ගත්හ. සර්පයින්ව තමන් ග්‍රහණයට ගන්නට සෙබළු තරමක අරගලයක නිරත වූවෝය. තමන් ග්‍රහණයට ගත් සර්පයින් තම සිරුරුවල වෙලා ගනිමින් ද එම සර්පයන් තම මුවින් ඉරා දමමින් ද සංදර්ශන අංගය ඉදිරිපත් කරන්නට සොල්දාදුවන් පෙළඹෙන්නේ ඉන් පසුවයි.
තුවාල ලත් සර්පයින්ගෙන් වෑහෙන රුධිරය පානය කරමින්ද එම රුධිරය එකිනෙකකු මත විසිරුවා ගනිමින් ද සෙබළු එම අංගය නිමා කළහ.
ඔවුන් මුවින් ඉරා දැමුවේ කවර විශේෂයකට අයත් සර්පයින්ද යන්න ගැන නිශ්චිත සඳහනක් නැත. එසේ වුවත් ඒ සර්පයින් අතර නයින් ද සිටි බව ඇතැම් තැනෙක දැක්වේ.
මේ සංදර්ශනයේදී තවත් භයානක අංග රාශියක් ඉදිරිපත් කෙරුණු බව සඳහන් වේ. සොල්දාදුවකු කකුල් දෙක අතර රඳවාගෙන සිටි බැලූනයකට තවත් සොල්දාදුවකු වෙඩි තැබීම ඒ අතර ප්‍රධාන වේ. වෙඩි තැබීම සිදු කළේ ඇස් දෙක රෙදි කඩකින් ආවරණය කරන ලද සොල්දාදුවෙකි.
භයානක සහ පිළිකුල් සහගත අංගවලින් සමන්විත මේ සංදර්ශනය නැරඹීමෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සන්තෝෂයට සහ උද්දාමයට පත් වුණු බව සඳහන් වේ.
ඉන්දුනීසියා සොල්දාදුවන්ගේ හැකියාවන් අගය කරමින් ආරක්ෂක ලේකම්වරයා කතාවකුත් පැවැත් වූයේය. එහිදී ඔහු මතු කර දක්වා තිබුණේ මෙවැනි සංදර්ශනයක් පැවැත්වීමට එක් එක් සොල්දාදුවා කොපමණ පුහුණුවීම් කටයුතුවල යෙදෙන්න ඇත්දැයි කියාය.
- මංජුලා විජයරත්න
අවුට්බවුන්ඩ් ටුඩේ | outboundtoday.com
COMMENTS