වත්මන් රජය යටතේ සිදුවූ මතභේදාත්මක බැඳුම්කර සිදුවීමට අදාළව පත්කළ ජනපති කොමිසමේ වාර්තාව ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
වත්මන් රජය යටතේ සිදුවූ මතභේදාත්මක බැඳුම්කර සිදුවීමට අදාළව පත්කළ ජනපති කොමිසමේ වාර්තාව ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනපති ලේකම් කාර්යාලයට යෑමට නියමිතය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහු මෙසේ බැඳුම්කර වාර්තාව ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර වාර්තාව බොරු
කෙසේ වෙතත් පෙරේදා (06) බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ එජාප මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ බැදුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු ව්‍යාජ ඒවා බවයි.
මෙම සිද්ධියට තමාගේ හෝ අගමැතිවරයාගේ සම්බන්ධයක් නොමැති බවද සත්‍ය වාර්තාව ලැබෙන තුරු ඒ පිලිබඳ ප්‍රකාශයක් කළ නොහැකි බවද හෙතෙම කියා සිටියි.
එහිදී අදහස් දැක්වු කරුණානායක මහතා මෙසේද පැවසී ය.
"පවුලක් තියෙන කොට අවුලක් තියෙන බව කවුරුත් දන්නව. මොනතරම් පරස්පර විරෝධී මත තිබුණත්, ප්‍රශ්න තිබුණත් ප්‍රධාන පක්ෂ දෙක යම් අසීරු ගමනක් යනව. සමහරුන්ට අලිය ගැන කථාකරන කොට වලිප්පුව හැදෙනව. චරිත ඝාතනය කරල අලිය බය කරන්න හදනව. මම අවධාරණයෙන් කියවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය භීතියට පත්කරල කවුරු හරි ගමනක් යන්න හදනවානම් ඒක හීනයක් විතරයි. අපිව කිචි කවන්න හදන අයට පාඩමක් උගන්වන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය එජාපය ජයග්‍රාහී මාවතට ගෙනියන්න කියා මා ඉල්ලා සිටිනවා. අද ඔය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන අයට බුලත් විට කඩයක් වත් කරන්න බැහැ." යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS