ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (08) 06 වන දිනටත් වර්ජනයේ නිරත විය. රෝහලේ ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරම...
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (08) 06 වන දිනටත් වර්ජනයේ නිරත විය.
රෝහලේ ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් පසුගිය බදාදා ඔවුන් සංකේත වර්ජනයක නිරත විය.
බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔවුන් මෙම වැඩවර්ජනය අඛණ්ඩව සිදු කර ගෙන යාමට හෙද සංගම් තීරණය කර ඇත.
මේ නිසා රෝහලේ සායනික කටයුතු සහ සැත්කම් සිදු කිරීම අත්තිටුවා ඇති අතර වර්ජනයට සහය දක්වමින් අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිරිපිට සහ දිවයිනේ අනෙකුත් රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක කරන බව හෙද සංගමය පවසයි.
කෙසේවෙතත් වර්ජනය අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නුගේගොඩ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කොට ඇත.
එහෙත් මෙතෙක් තමන්ට එම නියෝගය ලැබී නොමැති බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එස්.බී. මැදිවත්ත මහතා පවසයි.
මෙම වර්ජනය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුදල් ගෙවා නේවාසිකව ප්‍රතිකාර කටයුතු සිදු කරන වාට්ටු කිහිපයක්ද වසා දැමීමට සිදුව ඇති බවද සඳහන් වේ.
COMMENTS