රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදි...
රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද (11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරීන් ආරම්භ කළ වර්ජනයට සහය පලකිරීම සඳහා ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරීන් අද (11) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.
ඇගිලි සටහන් වේලා යන්ත්‍රයක් සවි කිරීමට යාමෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ආරම්භ වූ වර්ජනය නිසා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩකටයුතු අඩපණ වී ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ සුසිත් සේනාරත්න මහතා පැවසීය.
COMMENTS