අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ ගාල්ලේ දී පැවැති 2017 ෆෙයාර් වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලට එක්වෙමින්. එහිදී අදහස් දක්වමි...
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ ගාල්ලේ දී පැවැති 2017 ෆෙයාර් වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාතීන් අතර සමගිය ගොඩනැංවීම අත්‍යවශ්‍ය බවයි. එවැනි අවස්ථාවක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සාහිත්‍ය කෘති වෙනුවෙන් සම්මාන පිරි නමන සම්මාන උළෙල පැවැත්වීම වඩා යෝග්‍ය බව ද හෙතෙම කියා සිටියේය.
ජාතීන් අතර සමගිය ගොඩනැංවීම සඳහා එය අත්‍යාවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා කියා සිටියේ.
අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව තුන්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලළේදී 2017 වසරේ හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය හිමි කරගැනීමට සමත් විය.
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ භාෂා ත්‍රිත්වයෙන්ම පැවති අතර සිංහල භාෂා අංශයෙන් නවකතා 87ක් ඉදිරිපත් වී තිබිණි. ඉන් නිශ්ශංක විජේමාන්න රචිත හඳ පළුව තනි තරුව, විමල් උදය හපුගොඩආරච්චි රචිත යකඩ සිල්පර, කීර්ති වැලිසරගේ රචිත ගරුඬ මුහුර්තය, අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව සහ දීප්ති මංගලා රාජපක්ෂ රචිත නිකිණි කළුවර අවසන් වටයට තේරී පත්ව තිබිණි.
දෙමළ අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය තේනියම් රචිත ‘ඊතනම්’ කෘතියට හිමි වූ අතර ඉංග්‍රීසි භාෂා අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගැනීමට ‘ද අදර් වන්’ නවකතාව ලියූ අමන්දා ජේ සමත්වූවාය.
සම්මාන උලළේදී පළමු වරට සාර්ක් සාහිත්‍ය සම්මානය හඳුන්වා දෙන ලදි. ඒ අනුව පළමු සාර්ක් සාහිත්‍ය සම්මානය, ඇෆ්ගනිස්තානයේ සාහිත්‍ය සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් නජිබුල්ලා මලලායීට හිමිවිය.
ගාලු සාහිත්‍ය උලළේ නිර්මාතෘ ජෙෆ්රි ඩෝබ්ස් සම්මාන උලළේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.
COMMENTS