මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන ඉලංගෙයි තමිල්අරුසකච්චි පක්ෂ සාමාජිකයින් ඇතුලු අනෙකුත් පක්ෂ සාමාජ...
මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන ඉලංගෙයි තමිල්අරුසකච්චි පක්ෂ සාමාජිකයින් ඇතුලු අනෙකුත් පක්ෂ සාමාජිකයින් අතර ඊයේ (03) සවස යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ පුනරුත්තාපන එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමී සටන්කාමී පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානය සමඟ එකතුවීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින දෙකක කාලය තුළ නිශ්චිවතවම ප‍්‍රකාශ කරන බවටත් දැනටමත් ඔවුන් සමග සාකච්ඡාමය කටයුතු ආරම්භ කොට ඇති බවටයි.
ඊට අමතරව ඊයේ පැවති සාකච්ඡාවේදී ඉදිරි පලාත්පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ප්ලොට් සංවිධානය හා ටෙලෝ සංවිධානය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ජා පැවත්වූ බවට මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය. තවද ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා ඉදිරිපත් කරන කාන්තා නියෝජනය සම්බන්ධයෙන්ද සාකච්ජා පැවැත් වූ අතර ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර සියලුම පලාත්පාලන ආයතන වෙනුවෙන් ඉතා ශක්තිමත්ව ඉදිරිපත් වීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කළ බවට මාවෙයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් එස්.තුරෙයිරාජසිංහම් මහතා, ටෙලෝ සංවිධාන ලේකම් එන්.ශ‍්‍රිකාන්ත මහතා, ප්ලොට් සංවිධාන නියෝජිතයින්ද එක්ව ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ -
COMMENTS