අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු ඊයේ (18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ...
අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු ඊයේ (18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව අදාළ සිසුවා හා එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු පිරිස අනුරාධපුර වෙනත් විදුහලකට රැගෙන ගොස් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසයි.
මෙම සිසුවා ජංගම දුරකතනයක් රැගෙන විභාග ශාලාවට ඇතුළු වී ගණිතය ප්‍රශ්න පත්‍රයේ සේයාරුවක් රැගෙන එය මිතුරකුට යවා පිළිතුරු ජංගම දුරකතනයට ගෙන්වා ගෙන ඇතැයි ද එය විභාග ශාලාධිපතිවරයාට හසු වී ඇතැයි ද වාර්තා වේ.
COMMENTS