යාපනය පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ ලබා දුන් නාමයෝජනා අතරින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබා දුන් නාමයෝජනා පත්‍ර හතරක් ප්‍රත...
යාපනය පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ ලබා දුන් නාමයෝජනා අතරින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබා දුන් නාමයෝජනා පත්‍ර හතරක් ප්‍රතික්ෂේප වී ඇති බව යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
මේ අනුව යාපනය මහ නගර සභාව වෙනුවෙන් භාර දී තිබූ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ඊට අමතරව යාපනය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවට , වලිකාමම් උතුර හා වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවටත් භාරදෙන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීවරයා කියා සිටියේය.
මහනුවර නම් 24ක් ප්‍රතික්ෂේප වෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් සහ ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා 115 ක් ලැබුණු බවත් එයින් අත්සන් නොකිරීම සහ දිවුරුම් සහතික නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පූජාපිටිය ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් කර තිබූ නම් දෙකක් , එකමුතු ප්‍රගතිශිලි සන්ධානය මහනුවර මහ නගර සභාවට ඉදිරිපත් කර තිබූ එක් නමක් ඇතුළුව නම් 24 ක් ප්‍රතික්ෂේ වූ බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීම අද 21 වනදා දහවල් අවසන් විමෙන් පසුව අද සවස පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 10,97,342 කු මෙවර ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති බවත් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක දී ඔවුන් ඡන්දය භාවිතා කරන බවත් මධ්‍යස්ථාන 368 කදී ඡන්ද ගණන් කිරීම සිදු වන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා කීවේය.
ඇල්පිටියෙන් කෙහෙල් ඇවරිය විසිවේ
පළාත් පාලන එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය ලකුණ ) යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා අද ප්‍රතික්ෂේප විය. එම නිසා එම පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 31 දෙනෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරිමට තිබු අවස්ථාව මේ නිසා අහිමි විය.
මේ අතර ,රත්ගම ප්‍රාදේශිය සභාවට ප්‍රජාතන්තුවාදි ජනතා ව්‍යාපාරය (කාරය ලකුණ) ඉදිරිපත් කළ අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයන් 14 දෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට සිදුවූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටී කොඩිකාර මහතා පවසයි.
මේ අනුව පළාත් පාලන මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අපෙක්ෂකයන් 2892 දෙනෙකු නාමයෝජනා භාරදී තිබුණු අතර පළාත් පාලන ආයතන 20ක් සඳහා සභිකයන් 447 දෙනෙකු තෝරාගැනීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 270ක් සඳහා කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරුන් 272කු සහ ලැයුස්තුවෙන් 175කු තෝරාගනීමට නියමිතය.
ඇප නැතිව පුත්තලමේ කණ්ඩායමක් ප්‍රතික්ෂේප වෙයි
පළාත් පාලන මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබූ කණ්ඩායම් කීපයක අපේක්ෂකයින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය.
අද දහවල් නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පැවති විරෝධතා දැක්වීමේදී මෙම ප්‍රතික්ෂේප වීම සිදුවී ඇත.
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට මොහොමදු ශනීෂ් මොහොමඩ් රෂිමිගේ නායකත්වයෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස බාර දී තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව වී ඇත්තේ එම කණ්ඩායම ඇප මුදල් තැම්පත් නොකිරීමය.
අපුර නම් තුනක් ප්‍රතික්ෂේප වෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහා පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර 97 ක් අද දහවල් 12 වන විට අනුරාධුපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබු අතර ඉන් එක් පක්ෂයක නාම යෝජනා පත්‍රය හා පක්ෂ තුනක නාම යෝජනා පත්‍රයන්හි අපෙක්ෂකයන් තිදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප විය.
දහවල් 12 වන විට නාම යෝජනා පත්‍ර භාරදීම අවසන් කීරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 1.30 දක්වා කාලයේ විරෝධතා යොමු කිරීම සදහා කාලය ලබා දී තිබුණි. එම කාලය තුළ ඇතැම් දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන කීපයක් සදහා විරෝධතා ප්‍රකාශ කර තිබුණි.
නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළදාරි ආර්.එම්.වන්නිනායක මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා අසංග රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවැති අතර එහි දී තේරීම්භාර නිළධාරී ආර්.එම්.වන්නිනායක මහතා මෙසේ පැවසීය.
‘අද දිනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කන්ඩායම් 9ක් විසින් නාම යෝජනා පත්‍ර 97ක් භාර දී තිබුණා. ඉන් නාම යෝජනා පත්‍ර 96 ක් පිලිගැණුනා. ඉන් එක් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. ඒ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තිරප්පනේ ප්‍රාදේශිය සභාව සදහා ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රයයි. එම නාම යෝජනා පත්‍රයට අදාළ පක්ෂ ලේකම්වරයාගේ අත්සන විධිමත් පරිදි සහතික කර නොතිබිම එය ප්‍රතික්ෂේප වීමට හේතු වුණා.
ඊට අමතරව දේශපාලන පක්ෂ ලබා දී තිබු නාම යෝජනා පත්‍ර කීපයක අපේක්ෂකයන්ගේ නම් 3ක් පමණක් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සදහා එක්සත් ලංකා මහජන සභාව පක්ෂය ඉදිරිපත් කර තිබු නාම යෝජනා පත්‍රයේ එක් අපේක්ෂකයෙකුගේ නමෙහි දිවුරුම් ප්‍රතිඥාවක් නොතිබීම හේතුවෙන්.
කැකිරාව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ තරුණ අපෙක්ෂකයෙකු ඉදිරිපත් කර තිබු අතර ඔහුගේ තරුණ බව සනාථ කිරීම සදහා උපන් දිනය සහතික කර නොතිබීම හේතුවෙන් ඔහුගේ නම ප්‍රතික්ෂේප වු අතර කැකිරාව ප්‍රාදේශිය සභාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ එක් අපේක්ෂකයෙකුගේ දිවුරුම් ප්‍රතිඥාවේ අඩුපාඩු හේතුවෙන් එම අපෙක්ෂකයාගේ නම ද ප්‍රතික්ෂේප වුණා.
පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාවද ප්‍රතික්ෂේප විය.
COMMENTS