දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුමිණියෙක් කළ හදියක්! රුසියාව ලංකා තේ තහනම් කරයි.
Homeදේශපාලන

කුරුමිණියෙක් කළ හදියක්! රුසියාව ලංකා තේ තහනම් කරයි.

PropellerAds

පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ෆෙඩරේෂනය විසින් ලංකාවෙන් අපනයනය කරන තේ සඳහා මෙම හදිසි තහනම පැනවූයේ තේ අසුරණයක් තුළින් කුරුමිණියෙක් හමුවීම ...

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට විශේෂ මෙහෙයුම්
ගෝඨාභය ජනාධිපති වටේත් කේවට්ටයෝ චරපුරුෂයෝ ඉන්නවා - පරිස්සම්වෙන්න මුරුත්තෙට්ටුවේ හිමි කියයි
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC
කුරුමිණියෙක් කළ හදියක්! රුසියාව ලංකා තේ තහනම් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ෆෙඩරේෂනය විසින් ලංකාවෙන් අපනයනය කරන තේ සඳහා මෙම හදිසි තහනම පැනවූයේ තේ අසුරණයක් තුළින් කුරුමිණියෙක් හමුවීම නිසා ය. මෙම කුරුමිණියා Trogoderma granarium යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කෘෂිකාර්මික පලිබෝධකයෙකි. ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී පලිබෝධකයෙකු ලෙස සැලකෙන මෙම කෘමියාගේ බාහිර ස්වරූපය කැබිනට්ටුවකට සමාන නිසා ‘කැබිනට් කුරුමිණියා’ ලෙස ද ඇතැම්විට හැඳින්වේ. නමුත් මෙම කුරුමිණියා සාමාන්‍යයෙන් සහල් වගාව වැනි ධාන්‍ය ආශ්‍රිතව මිස තේ වගාව ආශ්‍රිතව දැකගත හැකි පලිබෝධකයෙක් නොවේ.

මේ අනුව මෙම කුරුමිණියා තේ කන්ටේනරය තුළට පිවිසියේ කෙසේද යන ප්‍රශ්නය මතුවන අතර තේ මණ්ඩල බලධාරීන් පවසන්නේ තේ ප්‍රවාහනය සඳහා යොදාගත් කන්ටේනරය හෙවත් බහාලුම මීට පෙර ධාන්‍ය පිටරට යැවීම සඳහා භාවිතා කළ එකක් වන්නට ඉඩ ඇති බවයි.

තවද හමු වී තිබෙන්නේ එක් කුරුමිණියෙක් පමණක් බවත්, මෙය හුදෙකලා සිද්ධියක් පමණක් යැයි තමන් විශ්වාස කරන බවත් තේ බලධාරීහු කියා සිටිති.

තාවකාලික තහනමක් වශයෙන් සඳහන් වුවද රුසියාව විසින් මෙම තහනම ඉවත් කර ගන්නේ කවදාද යන්න පිළිබඳ ව මෙතෙක් පැහැදිලි කිරීමක් ලැබී නැත. විශ්වාස කෙරෙන්නේ ලංකා තේ මණ්ඩලය අදාළ රුසියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වා මෙම අර්බුදය පිළිබඳ එකඟතාවයකට පැමිණෙන තෙක් තහනම බලපැවැත්වෙනු ඇති බවයි. වතු කර්මාන්ත අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව ද මේ වන විට දෙරට අතර වාණිජ සබඳතා නැවත යථා තත්වයට පත් කළ හැකි ආකාරය සොයා බලමින් සිටියි.

මෙම අර්බුදය හැකි ඉක්මනින් විසඳීම සඳහා වතු කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා රුසියාව බලා යාමට නියමිත බව වාර්තා වේ.

මෙම ප්‍රශ්නයේ බරපතළකම වන්නේ රුසියාව ලංකා තේවල දෙවැනි විශාලතම ගැනුම්කරුවා බවට පසුගිය වසරේ පත් ව සිටි නිසා ය. ලංකා තේවල පළමු ගැනුම්කරුවා ඉරානයයි. රුසියාව 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 143 ක ලංකා තේ ආනයනය කර තිබූ අතර, එය ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 11.3% ක් විය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ තේ මණ්ඩලය පිළිබද හැදින්වීම ආරම්භ වනුයේ ''Tea is serious business in Sri Lanka'' යනුවෙනි. සැබවින්ම තේ, ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරයේ ද ‘සීරියස් බිස්නස්‘ එකකි. එනිසා මේ තත්වය තුළ අපනයන තහනම හැකි ඉක්මනින් ඉවත් කර ගැනීම ද සීරියස් කාර්යයක් සේ ගෙන තේ කර්මාන්තයේ නිරත ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිකාවන් මෙන්ම සිලෝන් ටී සදහා ජාත්‍යන්තරයේ පැවති කීර්ති නාමය ද රැක ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුමිණියෙක් කළ හදියක්! රුසියාව ලංකා තේ තහනම් කරයි.
කුරුමිණියෙක් කළ හදියක්! රුසියාව ලංකා තේ තහනම් කරයි.
http://ift.tt/2kzDgqO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_448.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_448.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy