දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!
Homeදේශපාලන

‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!

PropellerAds

ඔබ යම් හෙයකින් Octopussy(1983), The Man Who Would Be King (1975), An American Werewolf in London (1981) වැනි අග්‍රගණ්‍ය චිත්‍රපට නරඹා තිබ...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ බලය පොහොට්ටු මන්ත්‍රීට
රාජ්‍ය මාධ්‍ය බංකොලොත්! රජයට දරාගන්න බෑ - ඊලඟ තීන්දුව ගැන ඇමති ඩලස් කියයි
‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!

ඔබ යම් හෙයකින් Octopussy(1983), The Man Who Would Be King (1975), An American Werewolf in London (1981) වැනි අග්‍රගණ්‍ය චිත්‍රපට නරඹා තිබේ නම් ඔබට ඇල්බට් මෝසස් කෙසේවත් අමතක කළ නොහැකි වනු ඇත. ‘ඔක්ටොපසි’ හා ‘ද මෑන් හූ ලව්ඩ් මී’ හි ඔහු රංගනයෙන් එක් වූයේ රොජර් මුවර් සමග ය. මේවා ජේස්ම් බොන්ඩ් චිත්‍රපටයන් ය. ‘ද මෑන් හූ වුඩ් බී ද කිං’ හි ඔහු රංගනයෙන් එක් වූයේ ෂෝන් කොනරි සහ මයිකල් කේන් සමග ය. Queenie හොලිවුඩ් මිනි සීරීස් ටෙලි මාලාවේ ඔහු රඟපෑවේ කර්ක් ඩග්ලස් සමග ය. වෝල්ට් ඩිස්නි චිත්‍රපටයක් වූ ‘ජංගල් බුක් ෂෂ’ වෙත ද ඔහු සිය දායකත්වය ලබාදුන්නේය. චිත්‍රපට හතක චරිත නිරූපණය කළ ඔහු අවසානයේ අටවැනි චිත්‍රපටය නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය ද කළේය. IMDB හෙවත් International Movie Data Base ඇල්බට් මෝසස් ගැන මෙසේ කියයි. “ඔහු චිත්‍රපට නළුවෙක් සහ නිෂ්පාදකවරයෙකි.”

ඔහු ලාංකිකයෙකි. ලංකාවට ආදරය කළ, සිතින් ලංකාව සමග බැඳී සිටි අගනා මනුෂ්‍යයෙකි.

ඉහතින් සඳහන් කළ හොලිවුඩ් නිර්මාණවලටත් පෙර ඔහුට කීර්තිය සහ වාසනාව ගෙන ආවේ 1977 වසරේ අතිශයින්ම ලොව පුරා ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය සිට්කොම් (sitcom- situation comedy) කතා මාලාවූ Mind Your Language සමගිනි. ඔහු එහි ‘රංජීත් සිං’ විය. ලන්ඩන් වීක්එන්ඩ් ටෙලිවිෂන් නිෂ්පාදනයක් වූ මේ රූපවාහිනී ප්‍රහසන කතා මාලාව හරහා ඔහු සුද්දන්ගේ ලෝකය සිනහවෙන් අතික්‍රමණය කළේය. එය ලෝකයේ නන් දෙසින්, විවිධ දේශපාලන තලවල ජීවත් වන විවිධාකාරයට සංස්කෘතිකගත වූ විජාතිකයන් එංගලන්තයට පැමිණ විවිධ රැකියා කරන අතරවාරයේ ඉංග්‍රීසි බව ඉගෙන ගැනීමට කරන අහිංසක උත්සාහයේ සිනහ උපදවනසුලු කැඩපතක් විය. 1977-79 අතර සමයේදී් ඉන්පසු නැවත 1986 වසරේදීත් ඔහු මේ අති දැවැන්ත නිෂ්පාදනය වෙත සිය ආලෝකය රැගෙන ආවේය. ඉංග්‍රීසි භාෂාව විදෙස් බසක් ලෙස හැදෑරිය හැකි ලන්ඩනයේ වැඩිහිටි විද්‍යාලයක් පසුබිම් කරගත් මේ ප්‍රහසන කතා මාලාවේ පසුකාලීන කතාංග 13 ක නිෂ්පාදකයා වූයේ ද ඇල්බට් මෝසස් ය. ඊට අමතරව ඔහු ඒ පන්තියේ සිටි රංජීත් සිං නමැති ශිෂ්‍යයා ද විය. ඉංග්‍රීසි ගුරුවරයා වූ බැරී එවන්ස් ඔහු නිසා පිස්සු නොවැටි බේරෙන්නේ යන්තමිනි. එහි සිටි සුරූපී ස්වීඩන් තරුණිය ලෙස රංගනයෙන් එක් වී සිටියේ ඉන්ග්‍රීඩ් බර්ග්මන් හෙවත් සුප්‍රසිද්ධ ස්වීඩන් චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ග්මාර් බර්මන්ගේ දියණියයි.

මේ පන්තියට එන රංජීත් සිං ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් ලන්ඩන් ආ අයෙකි. එහිදී ඔහු භක්තිමත් සික් ජාතිකයෙකුගේ චරිතය කදිමට නිරූපණය කළේය. ඒ මදිවාට පන්තිය ද ඔහු පාකිස්ථානුවෙකු යැයි වරදවා වටහා ගනියි. පාකිස්ථානයෙන් පැමිණි මුස්ලිම් ජාතිකයෙකු වන අලි නදීම් සමග ඔහු නිරතුරුව පැටලෙයි. ඔහුව අනෙක් අය විසින් කෝප ගන්වනු ලැබූ විට ඔහු සිය ‘කිප්රාන්’ එක හෙවත් සික් ජාතිකයන්ගේ කිණිස්ස ඉණෙන් ඇදගෙන ඔවුන්ට තර්ජනය කළේය. රංජීත් සිංට පොහොසත් වාග් මාලාවක් තිබේ. නමුත් ඔහුගේ සාමාන්‍ය දැනීම අතිශය දුර්වල ය. ඔහු කතාවේදී කරන එවන් වැරදි නිවැරදි කරනු ලැබූ සෑම විටකම ඔහු දෑත් එකතු කර “දහස් වාරයක් සමාවෙන්න” (''a thousand apologies!'') යැයි පවසන්නට පුරුදු ව සිටියේය. මෙම ප්‍රහසන කතාමාලාවේ සිග්නේචර් ලයින් එකක් ලෙස, එනම් දශක ගණනාවකට පසුව පවා අමතක නොවන වැකියක් ලෙස රංජීත් සිංගේ ‘අ තවුසන්ඩ් ඇපොලොජීස්’ බටහිර ලෝකයේ සැමදා ජීවමාන ය.

බටහිර ලෝකය අද වන විට ඇල්බට් මෝසස් ගැන කතා කරන්නේ ‘දයාබර චරිතාංග නලුවා’ කියා ය. ඊට අමතරව ඔහු ළමා කතා රචනයට ප්‍රිය කළ ලේඛකයෙක් විය. Tales from India, The Hawk and the Turtles, Mustapha Mouse යනාදී ඉන්දීය කතා රැගත් ළමා පොත් කිහිපයක්ම ඔහු රචනා කළේය.

ජාත්‍යන්තරය හැමදාමත් රංජිත් සිං ගැන කතා කළේ බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකික නළුවා කියා ය. නමුත් ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යවල විටින් විට පළ වන ලිපියක් හැරුණු විට රංජිත් සිං ගැන රට දන්නේ නැත. ඇත්ත! ඔහු මේ දූපතට කොටු වූ මිනිසෙක් නොවේ. ඔහු ලෝකයටම අයිති මිනිසෙකි.

මෙයට වසර 79කට පෙර මහනුවර අසල ගම්පොළ උපන් ඇල්බට් මෝසස්, පේරාදෙණිය සරසවිය හෙවත් එදා ‘ලංකා විශ්ව විද්‍යාලයේ’ කෙටි කලක් සේවය කර පසුව රැකියාව සඳහා අප්‍රිකාව බලා සංක්‍රමණය විය. පසුව ඔහු ලන්ඩනය බලා ආවේ එහි නාට්‍ය පාසලකට ඇතුළත් වී නාට්‍ය හා රංග කලාව හදාරන්නට ය. රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකු වශයෙන් ඔහු සිය ගමන අරඹන්නේ එසේ ය.

‘මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්’ මාලා නාටකයට ඇල්බට් මෝසස් සම්බන්ධ වන්නේ සීක් ජාතිකයෙකුගේ චරිතයක් රඟපෑ හැකි අයෙක් වේදැයි පුවත්පතක පළ වූ දැන්වීමක් දැකීමෙනි. සම්මුඛ පරීක්ෂණයේදී ඔහු ඒ චරිතය, ඉන්දීය ජාතික සීක් ජාතිකයාට ද වඩා හොඳින් කළේය.! එම තෝරාගැනීමෙන් පසුව ඇල්බට් මෝසස්, සහමුලින්ම එය චරිතයට කා වැදුණේය. ලන්ඩනයේ ඔහුට ඉන්දියානු මිතුරෝ බොහෝ වුහ. ඔහු ඒ අය සමග දින ගණන් එක දිගට ගත කරමින් ඔවුන්ගේ සංස්කෘතිය හා භාෂා රටාව අධ්‍යයනය කළේය. ඔහු තලප්පාව නිවැරදිව හඳින ආකාරය ද සීක් ජාතිකයන් කතා කරන විට හිස පද්දන නියම ස්වරූපයද හොඳින් ග්‍රහණය කර ගත්තේය.

ඇතැම් මිනිසුන් මේ ලෝකයේ ජීවත් වූ බව දන්නේ ඔවුන් මියගොස් බැනර දමන විට ය. හඬාගෙන ඉපදී, ගොළු වී දිවි ගෙවා ගොළුවන් සේම මියැදෙන මිනිසුන් සම්බන්ධයෙන් මේ කියමන සාධාරණ වන්නට පුළුවන. එහෙත් දුක නම්, ජාත්‍යන්තර කීර්තියට පත් සහ, හැකි හැම විටකම තමන්ව ශ්‍රී ලාංකිකයෙක් ලෙස මිස අන් කිසි අනන්‍යතාවයකින් නොහඳුන්වාගත් මෙවන් මිනිසුන් ගැනත් මව් රට වැඩිමනත් දෙයක් නොදැන සිටීම ය.

ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත යන කියමන බොරුවක් බවට පත් කළ ඇල්බට් මෝසස්, හැකි හැම විටම ලංකාව සමග සිතින් බැඳී සිටි බව දන්නෝ කවරහුද? ඔහු වෙහෙස වී වැඩ කර උපයාගත් ධනයෙන් ලංකාවේ ළමා නිවාසවලට ධන පරිත්‍යාග එව්වේය. ඔහු කළ මෙහෙයට ලංකාවෙන් නිසි ඇගයීමක් ලැබුණා ද යන පැනය ඉදිරියෙන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි වෙද්දී එංගලන්තයේ අසරණ දරුවන් වෙනුවෙන් ඔහු කළ මෙහෙය අගයමින් Knight of the Order of St John ගරු නාමය ඔහුට එංගලන්තයෙන් පිරිනැමුණේය. නමුත් ඉංග්‍රීසිකාරයන්ගේ ‘ෆිෂ් ඇන්ඩ් චිප්ස් ප්ලේට්’ එකකට වඩා තමන් සැමදා කැමති ලංකාවේ වෑංජන සහිත බත් පිඟානකට බව ලන්ඩනයේදී විටින් විට ඔහු හමුවන්නට එන මාධ්‍ය මිතුරන් සමග ඔහු කියා තිබේ.

ලංකාව වනාහී මැණික් ගල් පයේ හැපුණත් නොදන්නා අන්ධයෙක් වැනි ය. ඇල්බට් මෝසස් නමැති අගනා මිනිසා තුළ ලංකාවේ ටෙලිවිෂන් හෝ වෙනත් නිෂ්පාදනවලට දායක වන්නට දැක්වූ ප්‍රකාශිත කැමැත්තේ  ප්‍රතිඵලයක් වී ද, නොඑසේ නම් ලංකාව මේ දක්ෂයාගෙන් වැඩක් ගත්තේ ද යන පැනයට පිළිතුර ලෙස දැක්විය හැක්කේ එවැන්නකි.  

පසුකාලීනව බටහිර හා හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සමග එක්වී කටයුතු කිරීම නිසා මෙම රූපවාහිනී කතා මාලාවෙන් බැහැර වූ ඔහු නැවත අප්‍රිකාව බලා ගොස්, මද කාලයක් වාර්තා චිත්‍රපට ද තැනුවේය. නැවත ලන්ඩනයේ ඊස්ට් එන්ඩ් වෙත පැමිණ විවිධත්වයෙන් අනූන වීඩියෝ නිර්මාණ රැසක් බිහි කළේය. නැටීම, ගැයීම මනා ලෙස දත් ඇල්බට් මෝසස් භාෂා හයක් දැන සිටියේය. එනම් ඉංග්‍රීසි, අරාබි, දෙමළ, සිංහල, ජර්මානු සහ සංස්කෘත භාෂාවන් ය. ලන්ඩනයේ ඉහළ පෙළේ නාට්‍ය නිෂ්පාදනයන් රැසකටම ඔහු සිය දායකත්වය ලබාදුන්නේය. ඊස්ට් ඊස් ඊ්ස්ට් වැනි චැනල් ෆෝ රූපවාහිනී නිෂ්පාදනයන්ට ද ඔහු දායක වී තිබේ. තවද මෝල්ටාවේ රූපවාහිනී වැඩසටහන් ලියා, නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කිරීමට ද ඔහුගේ පෞරුෂය සමත් විය.

සිය ජීවිතයේ මහලු වියේදී හරිත පැහැය බහුල හාට්ෆොඩ්ෂයරය ගිමන් හරින දියඹ වශයෙන් තෝරාගත් ඇල්බට් මෝසස් එහිදී ද නිෂ්ක්‍රිය මිනිසෙක් වුයේ නැත. ඔහු නැගෙනහිර යුරෝපයෙන් එංගලන්තය බලා එන සංක්‍රමණිකයන්ට නොමිලේ ඉංග්‍රීසි පන්ති පවත්වන්නට පටන් ගත්තේය.

දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකය සමග හිනැහුණු මේ මිනිසාගේ ආත්මයට ආචාර කරන්නට ඔබට - මට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි. ‘රට නොදන්නා - ලොවම දන්නා‘ මේ දයාබර මිනිසා දෙසැම්බර් 9 (සෙනසුරාදා) ඔහු උපන් ගම්පොළදීම, තමන් උපන් බිමේ පසේම මිහිදන් වන්නේය.

Mind Your Language කතා මාලාවේ පළමුවැනි කතාංගයේ හෙවත් නිෂ්පාදකවරුන්ට අනුව පන්තියේ ‘පළමුවැනි පාඩමේ’ දී විනාඩි 10 තත්පර 32 ක් ගිය තැන රූපරාමුවට පිවිසෙන අපේ රංජීත් සිං කියූ මෙවදන, ඔහු සමුගෙන යන දිනයේ රටක් වශයෙන් අප විසින් ඔහුට කිව යුතුව තිබේ. “තවුසන්ඩ් ඇපොලොජීස් ෆෝර් මයි ලේට්නස්!”

‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!
‘අපේ රංජීත් සිං’, ප්‍රමාදයට දහස් වරක් සමාවෙන්න!!
http://ift.tt/2AFs8Ao
https://i.ytimg.com/vi/VfCMlwtWl5E/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_392.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_392.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy