දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කබීර් සමග ගැටුමක් - රිෂාඩ් සහ සේගු දාවුඩ් මොණරා ලකුණින්.
Homeගොසිප්

කබීර් සමග ගැටුමක් - රිෂාඩ් සහ සේගු දාවුඩ් මොණරා ලකුණින්.

PropellerAds

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ ආසන බෙදීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේද වලින් අනතුරුව ආණ්ඩුවේ ඇමැතිවරයකු ඉදිරි පළාත් පාල...

අනියම් පෙම්වතිය සමඟ ලැගුම්හලකට ගිය පෙම්වතාගේ හදගැස්ම නැවතී මරුට
ඒකාබද්ධ හිතවතුන් සමග මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය සැමරූ හැටි
රජයේ මුදල් තම එකවුන්ට එකට දාගත් හිටපු ඇමරිකානු තානාපති ජාලිය කටුනායකදී අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ ආසන බෙදීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේද වලින් අනතුරුව ආණ්ඩුවේ ඇමැතිවරයකු ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා නව පෙරමුණක් පිහිටුවාගෙන තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් වෙන්වූ බෂීර් සේගු දාවුඩ් මන්ත්‍රීවරයාගේ එක්සත් සාම සන්ධානය හවුල මොණරා ලකුණින් එක්සත් ජනතා සන්ධානය ලෙසින් තරග වදින බව ඉරිදා කොළඹ දී ප්‍රකාශයට පත් කරන ලදී.

මුස්ලිම් බහුතරයක් වෙසෙන නැගෙනහිර පලාතට මුලින්ම තරග වදින නව සන්ධානය පළමුකොට අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන බව මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය රකින බව නව සන්ධානයේ නායකත්වය භාරගනිමින් කියා සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු මහලේකම් එම් ටී හසන් අලි ප්‍රකාශ කළේ එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු ජනවර්ග වල සාමුහික ප්‍රවේශයක් වෙනුවෙන් කටයුතු කරන බවයි.

'' ගිහින් බැසිල්ටම එකතු වෙනවා'' - කබීර්


එක්සත් ජාතික පෙරමුණේ ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් එජාප මහ ලේකම් කබීර් හෂීම් සමග ඇතිවූ දැඩි වචන හුවමාරුවකදී “අපි අනික් පැත්තේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ අපිට රජුන්ට වගේ සැලකුවා,” යි බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනි.

එහි සඳහන් වූ පරිදි හෂීම් අමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ “එහෙනම් ගිහින් එයාටම එකතු වෙනවා,” යනුවෙනි.


රාජපක්ෂ පාලනයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධූරය ඉසිලූ තමන් 2014 දෙසැම්බරයේ ඉන් ඉවත් වී වර්තමාන ජනාධිපතිවරයාට සහාය පල කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමට හේතුවූ බව ඇමැති රිෂාඩ් බදියුදීන් පවසයි.

පළාත් පාලන ආයතන 93 කට තරග වැදීම සඳහා ඊයේ (11) ආරම්භ වූ නාම යෝජනා භාර ගැනීම් දෙසැම්බර් 14 දායින් අවසන් වන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

තවත් පළාත් පාලන ආයතන 243 ක් සඳහා දෙසැම්බර් 18 සිට 20 දක්වා නාම යෝජනා භාරගනු ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ලබන වසරේ පෙබරවාරියේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(මුලාශ්‍රය - radiogagana)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කබීර් සමග ගැටුමක් - රිෂාඩ් සහ සේගු දාවුඩ් මොණරා ලකුණින්.
කබීර් සමග ගැටුමක් - රිෂාඩ් සහ සේගු දාවුඩ් මොණරා ලකුණින්.
http://ift.tt/2l1qV2J
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy