එයට හේතුව මෙය සිදු වන්නේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීතිමය සංශෝධන සිදු කර පවත්වනු ලබන පළමු මැතිවරණයේදී ම වීමයි. මෙම ...
එයට හේතුව මෙය සිදු වන්නේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීතිමය සංශෝධන සිදු කර පවත්වනු ලබන පළමු මැතිවරණයේදී ම වීමයි.
මෙම සිද්ධිය පිළිබඳව ඇය මැතිවරණ කොමිෂම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවා කරන ලදී. ඇගේ පැමිණිල්ල නිසි පරිදි ලේඛනගත කරගෙන එය විමර්ශනය කළ යුතු ය.
එපමණක් නොව, මෙම සිද්ධිය නිකම් යටපත් වන්නට ඉඩ නො දී කාන්තා සංවිධාන විසින් මෙය ඉස්මතු කරගෙන දැවැන්ත හඬක් නැගිය යුතුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි දේ නැවත සිදු වීම අවසන් කළ යුතු නිසා ය.
මෙම සිද්ධියට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැති බව මධූෂා පවසා ඇති බවක් වාර්තා වී තිබිණි. රාජපක්ෂවරුන් නායකත්වය දෙන පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු ය.
කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබා දුන් මෙම මැතිවරණයේදී ස්ත්‍රී විරෝධීන්ට හා කාන්තාවන් දෙවෙනි පෙළ පුරවැසියන් බවට පත් කිරීමට උත්සාහ කරන අයට එරෙහිව විරෝධය සලකුණු කිරීම කාන්තාවන්ගේ මෙන් ම සමස්ත සමාජයේ ම වගකීමකි.
COMMENTS