'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කරගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්...
'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කරගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් බව එහි සිටින Info Sri Lanka News විශේෂ වාර්තා කරු පවසයි.
එම රැලිය අද සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් 'පොහොට්ටුව' යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රැලියේදී වත්මන් ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS