මාතර මාතර දිස්ත්‍රික්කය තුල මියගිය 1298 ක පුත්ගලයන් සහ තවමත් අතුරුදහන්ව සිටින තවත් 514 ක පුත්ගලයන් පිරිස් සිහි කරවමින්, තොටමුණ ප්‍රදේශයහ...
මාතර
මාතර දිස්ත්‍රික්කය තුල මියගිය 1298 ක පුත්ගලයන් සහ තවමත් අතුරුදහන්ව සිටින තවත් 514 ක පුත්ගලයන් පිරිස් සිහි කරවමින්, තොටමුණ ප්‍රදේශයහි පිහිටුවා ඇති මාතර දිස්ත්‍රික් සුනාමි අනුස්මරණ ස්මාරකය අභියස දී මාතර රාජ්‍ය සුනාමි සැමරුම පැවැත්විය.
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් සෙල්ලහේවා මහතා සහ මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී ලුතිනන් කර්නල් ප්‍රියංකර පියසේන, සුනාමිය නිසා මියගිය පිරිසගේ නෑ හිතවතුන් ,මාතර දිස්ත්‍රික් ආපද ඒකකයේ නිළධාරීහු,මාතර දිස්ත්‍රික් ලේකම් ,ප්‍රදේශීය ලේකම් කාර්යාල නිළධාරීහු මෙම සමරුවට සහභාගී විය.
මාතර කැළුම් ජයවීර
යාපනය
යාපනය වඩමාරච්චි උඩුත්තුරෙයි සුනාමි ගම්මානයේදී මිය ගිය අයගේ ඥාතීන් විසින් සැමරීමේ වැඩසටහනක් අද (26) සංවිධානය කොට තිබුණි.
සුනාමි ව්‍යසනයෙන් යාපනයේ මිය ගිය අයගේ ඥාතීන් විසින් මෙම සැමරුම සවිධානය කර තිබුණි.
යාපනයේ වැඩිම බලපෑමක් එල්ල වූවෙන් උඩුත්තුරෙයි ප්‍රදේශයටයි. එහිදී උඩුත්තුරෙයි ගම්මානයම සුනාමිය හේතුවෙන් විනාශ විය.
මිය ගිය අය වෙනුවෙන් මල පහන් දල්වා ගෞරව කිරීම එම අවස්ථාවේදී සිදුවිය
රොමේෂ් මදුසංක
හැටන්
හැටන් නගරයේ පුංචි බෝධිය අසළ පහන් දල්වා සුනාමියෙන් මිය ගිය අයට පිං අනුමෝදම් කිරීමේ පුන්‍යෝත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවේ පැමිණ සිටි අය විනාඩි 2 ක නිශ්ශබද්ධතාවයක් පැවැත්වූ අතර එම ස්ථානයේ ගමන් ගත් රථ වාහනද විනාඩි 2 ක නතර කර මිය ගියවුන්ට ගෞරය දැක්වීය.
රංජිත් රාජපක්ෂ
මහනුවර
මහනුවර දිස්ත්‍රික් සුනාමි සැමරුම අද (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.
පෙරවරු 9.25 සිට 9.27 දක්වා කාලය තුළ තුළ නිහැඩියාවක් පළ කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම මෙහිදී සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සංවිධාන කර තිබුණු මෙම සැමරුම් උත්සවය සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර, මහනුවර ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහත්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.
නදීක දයා බණ්ඩාර
https://www.youtube.com/watch?v=mLeUbZCoGiM&feature=youtu.be
COMMENTS