දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලයිබීරියාවේ ජනපති පුටුවට පාපන්දු තරුවක්

ඒ, පසුගියදා පැවති ජනාධිපතිරවණයේදී වත්මන් උප ජනපති ජෝසප් බෝකායි පරදවා වැඩි ඡන්ද සියයට විසි ගණනකින් ජය ලැබීමත් සමග ය. අද දිනය වන විට ජනාධිප...

ලයිබීරියාවේ ජනපති පුටුවට පාපන්දු තරුවක්

ඒ, පසුගියදා පැවති ජනාධිපතිරවණයේදී වත්මන් උප ජනපති ජෝසප් බෝකායි පරදවා වැඩි ඡන්ද සියයට විසි ගණනකින් ජය ලැබීමත් සමග ය. අද දිනය වන විට ජනාධිපතිවරණයේ ඡන්ද වලින් 98%ක් ගණන් කර අවසන් අතර, එහිදී වේෂ් විසින් 61.5%ක් ද බෝකායි විසින් ඡන්ද 38.5% ක් ද ලබා ඇති බව අනාවරණය වෙයි.

ලයිබීරියානු ජනාධිපතිවරණය වට දෙකකින් පැවැත්වූ අතර දෙවන වටය පැවැත්වුණේ දෙසැම්බර් 26 වැනිදා ය. දෙවන වටය නොවැම්බර් මාසයේ පවත්වන්ට නියමිත වුවත් බෝකායිගේ පක්ෂයට එරෙහිව නැගුණු වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් එය කල් දමනු ලැබීය. එහි ප්‍රථම වටයේ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය ඔක්තෝබරයේ ය. එහිදී වේෂ් ගේ ඡන්ද ප්‍රතිශතය 38.4% ක් සහ, බෝකායිගේ ප්‍රතිශතය 28.8% ක් වශයෙන් වාර්තා විය. ජෝර්ජ් වේෂ් විසින් නියෝජනය කරන්නේ ප්‍රජාත්‍රාන්තික වෙනසක් සඳහා වූ සන්ධානය (Coalition of Democratic Change) නමැති පක්ෂයයි.

ජෝර්ජ් වේෂ්ගේ ජයග්‍රහණය අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වශයෙන් සිය ජනප්‍රියත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වූ ජෝර්ජ් වේෂ් ලයිබීරියාවේ තරුණ පෙළ අතර ඉතා ජනප්‍රිය නායකයෙකි.

සිවිල් යුද්ධයෙන්, එබෝලා වෛරස් වසංගතයෙන් සහ දූෂණයෙන් බැට කෑ බටහිර අප්‍රිකානු රටක් වන ලයිබීරියාව, චාල්ස් ටේලර් ජනාධිපතිවරයාගේ සමයේ ඇති වූ දරුණු මානව හිමිකම් කඩවීම් සහ යුධ අපරාධ හේතුවෙන් ලෝකයේ අපවාදයට ලක් වූ රටකි.

1944 වසරේ පටන් මේ දක්වාම ලයිබීරියාවේ බලය, ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් මාරු වී නොමැත. මේ නිසා ජෝර්ජ් වේෂ් විසින් ජයග්‍රහණය ලද මෙම ජනාධිපතිවරණය ද ඉතිහාසගත එකකි.

2006 වසරේ පටන් ලයිබීරියාවේ ජනාධිපති පදවිය උසුළමින් සිටින්නේ එම ධුරයට පත් රටේ පළමු කාන්තාව වන නොබෙල් ත්‍යාගලාභී එලන් ජොන්සන් සර්ලීෆ් විසිනි. ඇය රට තුළ ගැටුම් අඩු පාලනයක් ගෙන යාමට සමත් වූවාය.

වේෂ්ගේ පාපන්දු ඉතිහාසය
ජෝර්ජ් වේෂ්, පාපන්දු ක්‍රීඩකයෙකු හට ලැබෙන ලෝකයේ ඉහළම පෞද්ගලික ගෞරවය වන Baloon O'Dior  සම්මානයෙන් 1995 වසරේදී පිදුම් ලද අයෙකි. මේ ගෞරවය අද දක්වා දිනාගෙන ඇති එකම අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා වශයෙන් ඔහුගේ නම ඉතිහාසගත ය. නමුත් පාපන්දු සම්බන්ධයෙන් කිසිදු පෙළපත් නාමයක් නූසුළන රටක උපන් නිසාම ඔහුට කිසිදාක පාපන්දු ලෝක කුසලානයක් සඳහා තරග කිරීමට ඉඩ ලැබුණේ නැත. 2015 වසරේදී ඔහු ෆිෆා හෙවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමන් පාපන්දු වෘත්තියේ ඉහළටම ගිය අයෙකු බැවින් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් තුළ දුකක් නොමැති බවයි.

ඇමරිකානු පුරවැසිභාවය හිමි ඔහුගේ පුත්‍රයා, තිමොති වේෂ්, මේ වන විට පියාගේ අඩි පාරේ යමින් ඔහු ක්‍රීඩා කළ පාපන්දු සමාජයක් වන Paris Saint-Germain (PSG) සඳහා පාපන්දු ක්‍රීඩා කරයි.


වේෂ්ගේ දේශපාලන ගමන
ජෝර්ජ් වේෂ් ලයිබීරියානු දේශපාලනයට පිවිසෙන පළමු වතාව මෙය නොවේ. 2005 වසරේදී ද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නමුත් බෝකායිගේ පක්ෂයේ අපේක්ෂිකාව වූ ෂර්ලිෆ් හට පරාජය විය. නමුත් 2014 වසරේදී ඔහු ලයිබීරියානු සෙනෙට් සභාවේ ආසනයක් දිනාගත්තේ එම තනතුරට පත්වන ප්‍රථම වෘත්තීය ක්‍රීඩකයා වශයෙනි.

“මම දන්නවා, ගොඩක් අය පුදුම වෙනවා, ඇයි පාපන්දු ක්‍රීඩකයෙක් රටේ ජනාධිපතිකම ගන්න හදන්නෙ කියලා. ඒත් නීතීඥයෙකුගෙන්වත් ව්‍යාපාරිකයෙකුගෙන්වත් ඔවුන් කවදාවත් ඒ ප්‍රශ්නය අහන්නේ නැහැ..” යැයි එංගලන්තයේ ගාඩියන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජෝර්ජ් වේෂ් කියා තිබේ. ඔහු පවසන්නේ ක්‍රීඩාව, දේශපාලනයට බාධාවක් නොවිය යුතු බවයි.

මානව හිතවාදියෙක්

51 හැවිරිදි ජෝර්ජ් වේෂ් 1997 වසරේදී යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරයෙක් බවට පත්විය. ඔහු මානව හිතවාදී කටයුතු සඳහා මහත් ලැදි කමෙන් දායක වන බව යුනිසෙෆ් සංවිධානය කියයි. ලයිබීරියාවේ ළමා සොල්දාදුවන් සහ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු පාසල් ඇතිකිරීමට වේෂ් මුල් වී කටයුතු කරයි. එන්නත් වැඩසටහන්වලට ද වේෂ් සිය නොමසුරු දායකත්වය ලබා දි තිබේ.

කෙසේ නමුත් ජෝර්ජ් වේෂ් සිය ජීවිතයේ කේන්ද්‍රය වශයෙන් දිගින් දිගටම පවත්වාගත්තේ ක්‍රීඩාවයි. ඔහු ලයිබීරියාවේ මොන්රාවියා අගනුවර පිහිටා තිබෙන ක්‍රීඩා කොමිසමේ සභාපතිවරයා ය. නමුත් එසේ වු පමණින් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසෙන බොහෝ චරිතවලට මෙන් ඔහුට කිසිදිනෙක දුෂණ හෝ අල්ලස් චෝදනා ද එල්ල වී නැත.

-අමාලි ජයවීර 

 අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලයිබීරියාවේ ජනපති පුටුවට පාපන්දු තරුවක්
ලයිබීරියාවේ ජනපති පුටුවට පාපන්දු තරුවක්
http://ift.tt/2BNOnUv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_256.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_256.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy