දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විදුලි සැර වැදීම නිසා 2010-2016 අතර කාලයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 5000 ක් දෙනා මියගිහින් - RTI හෙළිදරව්වක්

සම්පූර්ණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයම සැලකූ විට මෙම මරණ සංඛ්‍යාව 5000කට ආසන්න සංඛ්‍යාවකි. මෙම තොරතුරු අදාළ වන්නේ 2010 ජූනි මාසයේ පටන් 2016 ජූනි...

විදුලි සැර වැදීම නිසා 2010-2016 අතර කාලයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 5000 ක් දෙනා මියගිහින් - RTI හෙළිදරව්වක්

සම්පූර්ණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයම සැලකූ විට මෙම මරණ සංඛ්‍යාව 5000කට ආසන්න සංඛ්‍යාවකි. මෙම තොරතුරු අදාළ වන්නේ 2010 ජූනි මාසයේ පටන් 2016 ජූනි මාසය දක්වා කාලයකට ය.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නැගෙනහිර කොටස හැඳින්වෙන්නේ විදාර්භා යනුවෙනි. එය නාග්පූර්, ගොන්ඩියා, චන්ද්‍රපූර් යනාදී කොට්ඨාසවලින් සමන්විත ය.

නාග්පූර් හි අධිබලැති විදුලි කම්බි හේතුවෙන් 11 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙක් මිය යාමේ ඛේදවාචකයේ දුහුවිලි වළාව පවා තවම පහව ගොස් නැත. නාග්පූර් හි උමේෂ් පාණ්ඩේ නමැති පස් හැවිරිදි දරුවෙකු ද අධිබලැති විදුලි කම්බි පෑගීම නිසා මියගිය බව නොබෝදා අසන්නට ලැබිණි. කුඩා දරුවන් 35 දෙනෙක් අදාළ කාලය තුළ මේ අන්දමින් අධිබල විදුලි රැහැන් හේතුවෙන් මිය ගොස් තිබේ.

MSEDCL හෙවත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විදුලිය බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙතින් ලබාදුන් තොරතුරුවලින් හෙළිවන ආකාරයට මෙසේ මියගිය අය අතර එම විදුලි සේවකයන් 33 දෙනෙක් ද වෙති. මුළු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයම සලකන විට විදුලි සැර වැදුණු, එහෙත් මරණයට පත්නොවුණු විදුලි සේවකයන් ගණන 1547 කි.
මෙම තොරතුරු ඉල්ලීමට අදාළ පොදු අධිකාරිය වුයේ එම ආයතනයයි.

එම කාලය තුළ විදුලි රැහැන්වල පැටළී මිය ගිය සතුන් ගණන ගැන ද තොරතුරු ඔවුන් සතුව තිබිණි. ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ සතුන් 1295 ක් ද අධිබල විදුලි රැහැන් හේතුවෙන් මරණයට පත් වී තිබේ. මුළු ප්‍රාන්තයම සැලකුවහොත් සතුන් 5046 ක් මේ කාලයේදී මියගොස් තිබේ. මිනී කන ව්‍යාඝ්‍රයන් එසේ විදුලි රැහැන්වල පැටලීම නිසා මිය යන සතුන් අතර වේ.

මේ වසර පහමාරක කාලය තුළ විදුලි සැර වැදීම හෝ අධිබල විදුලි රැහැන් හේතුවෙන් සිදුවූ මරණ සඳහා වගකීමට යටත් කර තිබෙන්නේ, එනම් නීතිමාර්ගයෙන් කටයුතු කර තිබෙන්නේ ඉතා අවම වශයෙන් බව ද මෙම තොරතුරු ඉල්ලීමෙන් ලැබුණු තොරතුරුවලින් හෙළි වේ.

නාග්පූර් කලාපයේ සිදුවු මරණ සම්බන්ධයෙන් එසේ නීතිමය වගකීමට යටත් කර තිබෙන්නේ නිලධාරීන් 02 ක් පමණි. ගොන්ඩියා කලාපයේ එකදු නිලධාරියෙක්වත් එසේ නීතිමය වගකීමට යටත් කර නැත. සුපිරි තාප බලාගාරයක් තිබෙන චන්ද්‍රාපුර් කලාපයේ විදුලි සේවකයන් 202 දෙනෙක් ඒ වෙනුවෙන් වගකීමට යටත් කර තිබේ.

මෙම උනන්දුසහගත තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයෙකු වන අභේ කෝල්කාරා විසිනි.

තොරතුරු පනත මගින් ලබාදීමට පොදු අධිකාරිය බැඳී සිටින්නේ එම පොදු අධිකාරිය හෝ ‘මහජන ආයතනය‘ සතුව ඒවා තිබේ නම් පමණි. එනම් ඔවුන්ගෙ සන්තකයේ, භාරයේ හෝ පාලනයේ තිබෙන තොරතුරු ලබාදිය යුතුමය. එය ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද තොරතුරු පනතෙන් සලසන සමාන ප්‍රතිපාදනයකි. මේ අනුව මෙම ඉන්දීය අනාවරණය තුළ දැකත හැකි සාධනීයම ලක්ෂණය වන්නේ එම තොරතුරු පොදු අධිකාරිය සතුව තිබීමයි. තොරතුරු නිසි ලෙස වාර්තා ගත කිරීම, තොරතුරු පවත්වාගෙන යාම සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් එ්වා ලබාදීම අතින් ඉන්දියාව සිටින්නේ ලංකාවට වඩා තවමත් ඉතාම ඉදිරියෙනි.
නමුත් එසේ පොදු අධිකාරියක් සතුව තිබෙන තොරතුරු නිවැරදි ඒවා ද යන පැනය ද මේ තොරතුරු ඉල්ලීම සමගම මතු වේ. උදාහරණක් වශයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන් පවසන්නේ විදුලි සැර වැදීම නිසා සිදුවූ ළමා මරණ ගණන පිළිබඳ තොරතුරු අසත්‍ය බවයි. සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ බව ඔවුහු කියති. මේ කියමනේ පදනමක් තිබෙන බවද පෙනී යයි. ඉන්දීය ජනමාධ්‍යවල පළවූ වාර්තා සහ සංඛ්‍යාලේඛන මෙයට සාක්ෂි සපයයි. උදාහරණයක් වශයෙන් ඉහත තොරතුරු ඉල්ලීමේදී MSEDCL හෙවත් පොදු අධිකාරිය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව 2017 වසරේ මියගිය දරුවන්ගේ සංඛ්‍යාව වශයෙන් සඳහන් වන්නේ එක් අයෙක් පමණි. නමුත් අප පෙර සඳහන් කළ නිවුන් දරුවන් දෙදෙනා ජූනි මාසයේදී විදුලි සැර වැදීම නිසා මිය ගියහ. ජූනි 20 වැනිදා තවත් පස් හැවිරිදි දරුවෙකු ද විදුලි සැර වැදීම නිසාම මිය ගියේය. මේ දරුවන් පිළිබඳ තොරතුරු, තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ අන්තර්ගතව නැත්තේ මන්දැයි අභියාචනා මගින් සොයාබැලිය යුතුව ඇත්තේ, වැරදි තොරතුරු සැපයීම මත ලංකාවේ පුරවැසියන්ට මෙන්ම ඉන්දියාවේ පුරවැසියන්ට ද මුලින් එම පොදු අධිකාරියේම නම් කළ නිලධරයා වෙත ද, ඉන්පසු තොරතුරු කොමිසම වෙත ද අභියාචනය කළ හැකි බැවිනි.

නිවැරදි කරුණු, දත්ත සහිත නිවැරදි හා යාවත්කාලීන තොරතුරු සහිත වාර්තා පවත්වාගෙන යාම, පොදු අධිකාරියක් සතු ඉතා වැදගත් වගකීමක් බවට ද මේ නිසා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විදුලි සැර වැදීම් පිළිබඳ තොරතුරු හෙළිකරන RTI ඉල්ලීම අපට පෙන්වා දෙයි.

- නීතීඥ රදිකා ගුණරත්න

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි සැර වැදීම නිසා 2010-2016 අතර කාලයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 5000 ක් දෙනා මියගිහින් - RTI හෙළිදරව්වක්
විදුලි සැර වැදීම නිසා 2010-2016 අතර කාලයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 5000 ක් දෙනා මියගිහින් - RTI හෙළිදරව්වක්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/3000305f45f93e79e74b8dce623d19a4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2010-2016-5000-rti.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2010-2016-5000-rti.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy