දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා - රාජිත
Homeදේශපාලන

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා - රාජිත

PropellerAds

  එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අවස්ථාවදී දේශපාලනයෙන් ඉවත්වී කටයුතු කිරීම ...

දැඩි රැකවල් මැද ඉෂාලිනිගේ දේහය නැවත ගොඩ ගනී (PHOTOS)
රට යළි අවදානමේ! මැයි මාසය වගේ වෙන බවට තොරතුරු
ගම්මන්පිල අලුත් වැඩකට සැරසෙයි! අමාත්‍යංශයේ වෙනසක්
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා - රාජිත

 

එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අවස්ථාවදී දේශපාලනයෙන් ඉවත්වී කටයුතු කිරීම ආරම්භ කර ඇති බවයි. පසුගියදා බදුල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ රැස්වීම ඇතැම් මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇති බවත් එය සතුටට කාණයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“2015 ජනවාරි මාසයේ දී ඒකාධිපති වියරුවෙන් රට බේරා ගත්තා. මැදපෙරදිග තිබු ඒකාධිපති වියරුව ජනතාව අවසන් කළේ විප්ලවයකින්. නමුත් ශ්‍රී ලාංකිකයින් එම ඒකාධිපති වියරුව අවසන් කළේ සාමකාමීවයි. ඒ පිළිබදව ලොව මවිත වුනා. පසුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ එකගත්වය මත ජාතික රජයක් බිහි කළා. මේ නායකයින්ගේ වෙනස එයයි. නායකයින් ඉල්ලන්නේ බලය. නමුත් මොවුන් දෙදෙනා රට සංවර්ධනය කිරීමට ජාතික රජයක් බිහි කළා. වෙනත් රටවල මෙවැනි ජාතික රජයන් දක්නට ලැබෙන්නේ නැහැ. ජර්මනියේ පවතිනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා මටත් ජාතික රජයක් බිහි කිරිමට අවශ්‍ය වුවත් ඉන්දීය දේශපාලනය තුල එය කිරිමට අපහසු බව.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව පක්ෂයේ සාකච්ඡා අසාර්ථකයි. පසුගියදා බදුල්ලේ පැවැති රැස්වීම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වර්ජනය කළා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඒ අතර ප්‍රධාන වෙනවා. අවස්ථාවාදී දේශපාලනට එරෙහි ඔවුන් සටන් ආරම්භ කර තිබෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතක සිට මැතිවරණයට ඉදිරිපත් වන්නේ.”

“වත්මන් රජය මොනවද කළේ කියලා සමහරු අහනවා. පොල් මිල, පරිප්පු මිල ඉහළ යාමෙන් තමයි ඔවුන් ගණන් හදන්නේ. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, සමෘද්ධි දීමනාව වැඩි කිරිම, මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙන්ම සහන රැසක් ද රජය ලබාදී තිබෙනවා. රජය බලයට පත් වූ පසු ගෑස් මිල අඩු කළා. නමුත් පසුගිය දිනෙක යළිත් ගෑස් මිල ඉහළ යාම ගැන තමයි ජනතාව කථා කරන්නේ. නමුත් බඩු මිල 2014 වසරට සාපේක්ෂව තවමත් අඩුයි. දුප්පත් දරුවෙකුටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගත හැකි ක්‍රමවේදයක් අපි නිර්මාණය කර තිබෙනවා. වත්මන් රජය කටයුතු කරන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. එදා සිටි ජනාධිපතිවරයා සහ අද සිටින ජනාධිපතිවරයා කරන වියදම් දෙස බලන්න. හරිම අවමයි.”

“එදා සිටි ජනාධිපතිවරයා ස්ත්‍රී දුෂකයින්, කොල්ලකරුවන් තම නිල රථයෙන් රැගෙන ගියා. හොදම උදාහරණය තංගල්ලේ හිටපු සභාපතිවරයාගේ සිද්ධිය. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ තාජුඩීන්ව ඝාතනය කළා. මොකද රාජපක්ෂ පුතාලට වඩා ඔහු හොදින් රගර් ක්‍රීඩා කළ නිසයි. රාජපක්ෂ පුතාලා 03 ටම රගර් ගහන්න පුලුවන් වුවත් තාත්තාට නම් රගර් ගහන්න බැහැ. පුතාලා තුන් දෙනාට ද රගර් ගහන්න පුලුවන් වුයේ තාත්තා අගමැති වීමෙන් අනතුරුවයි. නමුත් තැනකට එන්න බැරි වුනා. එම නිසා තමයි තාජුඩීන් වැනි දක්ෂයින් ඝාතනය කළේ. ඉදිරියේ දී ඔවුන් සිදු කළ ඝාතන, සොරකම්වල ප්‍රතිඵල එළියට එනවා. දේශප්‍රේමී කියන ඝෝථාභය ජනාධිපති කරන්න ඇතැමුන්ට වුවමනා වී තිබෙනවා. මිග් යානා ගනුදෙනුවේ ගිවිසුම් දෙතක් අත්සන් කරලා බිලියන ගණනක් මුදල් කොල්ල කෑ දේශප්‍රේමීන් තමයි ජනපති කරන්න යන්නේ.”

“වර්තමානයේ මාධ්‍ය හැසිරීම ගැනත් කියන්න අවශ්‍යයයි. පසුගිය රජයේ දුෂණ වංචා සෙවිමට පත් කළ කොමිසන් සභා වල දී රාජපක්ෂලා බයෙන් උත්තර දෙන ඒවා ලියන්න ඉන්නේ මාධ්‍ය වේදීන් තුන් දෙනයි. නමුත් උත්තර දීලා එළියට එනවිට ප්‍රකාශ ලබාගන්න මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉන්නවා. එවිට වීරයෙක් වගේ උත්තර දෙනවා.”

“වත්මන් රජයට එල්ල වී ඇති එකම කළු පැල්ලම බැදුම්කර ගණුදෙනුවයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන කොටම මම විරුද්ධ වුනා. කළු පැල්ලමක් එයි කියලා. නමුත් වර්තමානයේ මාධ්‍ය ද බැදුමිකර කොමිසම ගැන පිටු ගණන් ලියනවා. අපේ රජය යටකේ සිදු කළ වැරදිද අපි සොයනවා. නමුත් පසුගිය රජය සමයේ කිසිදු පරීක්ෂණයක් සිදු කළේ නැහැ. මනුෂ්‍යකම සහ අමුනුෂ්‍යකම අතර වෙනසක් තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයින් වසර 03ක් ගිහිල්ලත් බලන්නේ මීනිමරුවන්, හොරුන් ඇයි ද අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. හොරු ඇල්ලුවාද හොර කවුද කියලා අහනවා. යහපාලන රජය බිහි කිරීමට කැප වූ ජනතාවගේ නොවිසිල්ල එයයි. අද බැදුම්කර කොමිසමේ අගමැතිවරයාත් සාක්ෂි ලබාදෙනවා. නමුත් පසුගිය රජය සමයේ සිටි නායකයින් වර්ථමානයේ දත්මිටි කාගෙන ඡන්දෙ ඉල්ලනවා. හොරකම් සහ දුෂණ පරීක්ෂණ අවසන් වනවිට වසර 2020 වනවිට කීදෙනෙක් ඉතුරු වෙයි ද කියා බලමු. මේ රජය හැදුවේ කාවවත් විනාශ කරන්න නොවෙයි. වසර 2020 මැතිවරණය ජයගෙන වත්මන් රජය වසර 2025 දක්වාම රට පාලනය කරනවා. අපේ රජයෙත් පසේ බුදුවරු ඉන්නවා. දන්න දෙය කියන්න දන්නේ නැහැ.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක මහතා, මුජිබර් රහුමාන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා - රාජිත
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා - රාජිත
http://ift.tt/2A2reg5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy