මාර්ග තදබදයට විසඳුම් ලබාදිය නොහැකි නම් යහපාලන රජයේ ඇමැතිවරුන් 05 දෙනකු ඉල්ලා අස්විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැම...
මාර්ග තදබදයට විසඳුම් ලබාදිය නොහැකි නම් යහපාලන රජයේ ඇමැතිවරුන් 05 දෙනකු ඉල්ලා අස්විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසයි.
යහපාලන රජය පත්වී වසර 3 ක් ගතවී ඇතත් මාර්ග තදබදයට විසඳුමක් ලබාදීමට තවම රජයට නොහැකිවීම නිසා ප්‍රවාහන, නීතිය හා සාමය, බස්‌නාහිර සංවර්ධන, මුදල්, පළාත් සභා හා පළාත් පාලන යන ඇමැතිවරු 05 දෙනා ඉවත් වී එම අමාත්‍යධුර හැකි අයට ලබාදෙන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
කිලෝමීටරයක් යන්න පැය එකහමාරක්
රජය විසින් බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දෙනු ලැබුවත් එය නිසි ලෙස පවත්වාගෙන නොයන බව පැවසූ හෙතෙම මේ වන විට බස් රථයක් කිලෝමීටර් 06 ක් ගමන් කිරීමට පැයක් එකහමාරක් ගතවන බව ඔහු පවසයි.
මෙම කරුණු සලකා ලබන ජනවාරි මස මුල වන විට මාර්ග තදබදයට විසඳුමක් ලබා නොදුනහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පැවසූ ඔහු මේ වන විට දිනකට බස් රථ ධාවනයේදී ඉන්ධන අපතේ යැම ඇතුළු විවිධ හේතු නිසා රුපියල් කෝටි 305 ක පාඩුවක් සිදුවන බව ද හෙළි කළේය.
තවද රජයේ ඇමැතිවරුන් උඩින් දුවන දුම්රිය ගැන සිහින දකින බවත් එය 2022 දී සිදුකිරීමට පෙර පවතින මාර්ග තදබදයට විසඳුමක් ලබාදීම මුලින්ම සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
අලාභ ලබමින් බස් කර්මාන්තය කරගෙන ගියද දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම නිසා මේ මාසයේ බස් හිමියන් කිසිම වර්ජනයකට නොයන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS