දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද, ජනවාරි 2 ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ නායකත්වයට.
Homeගොසිප්

මහින්ද, ජනවාරි 2 ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ නායකත්වයට.

PropellerAds

ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ ව...

රනිල් එංගලන්තෙදි කලිසම ඉන්දියාවේදී සරම (සඳුදා කාටූන්)
බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසී ඝාතනය කළේ මහින්දානන්දගේ පුතාද? පොලිස් අධිකාරිගෙ පුතාද? ෆේස් බුක් පෝස්ට් හැදූ අය පසුපසත් පොලිසිය
උකුණෝ නැති කරගන්න යාළුවා දුන් උපදෙස් ක්‍රියාත්මක කළ අවුරුදු 16 සිසුවියට සිදුවූ විනාශය

ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත්  නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා  පක්‍ෂ සහ කොටස්ද  සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක්  ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව  පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.

මහින්ද තහනම කඩයි

පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කණ්ඩායමක් පත් කර ඇත.

වෙන වෙනම කණ්ඩායම් දෙකක් ලෙස දිස්ත්‍රීක් මට්ටමින් මෙම කණ්ඩායම් පත් කර ඇති බව නිදහස් පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනාගෙන් 45 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර මේ සියලූම මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහ මැතිවරණයට තරග කර ජය ලැබූ අය වෙති.

ඒ අනුව වෙනත් පක්ෂයකට උදව් කිරීම හා ආධාර අනුබල දීම පක්ෂ ව්‍යාවස්ථාවට අනුව විනය කඩ කිරීමක් වේ.

නාමයෝජනා දෙන අවස්ථාවට නැහැ :

මෙම තත්ත්වය දන්නා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නාමයෝජනා බාර දෙන අවස්ථාවට සහභාගී නොවීමට වගා බලා ගෙන තිබිණි.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට එම මන්ත්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන් සිදු කරන කතා වීඩියෝ ගත කර සාක්ෂි සහිතව විනය කමිටුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

දැනට විසුරුවා හැර නොමැති පළාත් සභාවල සිටින නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්ද තහනමට පයින් ගසයි :

මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආධාර අනුබලදෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප බුද්ධි අංශ සෝදිසියෙන් සිටියදී, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදී රැස්වීමක් පැවැත්විණ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකිරීම සඳහා පැවති එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට අමතරව ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද, ජනවාරි 2 ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ නායකත්වයට.
මහින්ද, ජනවාරි 2 ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ නායකත්වයට.
http://ift.tt/2BJ3O4y
https://i.ytimg.com/vi/yotrJiUkOc0/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy