පවතින තත්ත්වය අනුව ජනමත විචාරණයකට මුහුණ දීමේදී විධායක ධූරය අහෝසි කිරීම,පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා බලය බෙදීම යන ප්‍රශ්න ...
පවතින තත්ත්වය අනුව ජනමත විචාරණයකට මුහුණ දීමේදී විධායක ධූරය අහෝසි කිරීම,පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා බලය බෙදීම යන ප්‍රශ්න ත්‍රිත්වක් ඇසීමට සිදුවන හෙයින් එයද අසාර්ථක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සියල්ලට ප්‍රථමයෙන් ජනවරමක් සහිතව මේ පිළිබඳව සාකච්ජා කළ යුතු බවයි හෙතෙම අවධාරණය කළේ. මේ අතර උපරිම බලය බෙදීමකට සුදානම් නම් අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යා යුතු බවද ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය. පොලිස් බලතල දීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ජා කළ යුතු බවත් ඉඩම් බලතල පිළිබඳව මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව දැනටමත් ක්‍රියාත්මක හෙයින් ඒ පිළිබඳ පවත්නා සැක තැන් දුරු කරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS