සංහිදියාව වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු කියා සිටි...
සංහිදියාව වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු කියා සිටියේ රජය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල කුමන චෝදනා එල්ලවුවත් නතර නොකරන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ ආරම්භ වූ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලවර්තක ඇගයීමට එක්වෙමිනි.
සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඇගයීමක් විශ්ව කලාවර්තක ඇගයීම යටතේ සිදු කෙරෙන අතර එහිදී මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කරලීම සඳහා අදාළ රටවල් ගෙන ඇති පියවර පැහැදිලි කිරීමටද අවස්ථාවක් හිමි වේ.
ඊයේ සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳව බුරුන්ඩි, දකුණු කොරියාව සහ වෙනිසියුලාව යන ටවල නියෝජිතයන් සැකසු වාර්තා ඉදිරිපත් කර තිබිණි.
COMMENTS