දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු
Homeප්‍රවෘත්ති

විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු

PropellerAds

විශේෂයෙන්ම බදුකරණය පිළිබඳ නීති වෙනස් වන ආකාරය තාක්ෂණික සටහන්වල දෙවැනි කොටසේ දැක්වේ. එම ලැයිස්තුවට මෙසේ ය.  අලුතින් පැනවීමට අපේක්ෂිත පනත...

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී අහන්න පටන් ගනී! ඩොලර් මිලියන 250ක් අල්ලස් ගත් බව කියන ‘චාමර ගුණසේකර’ත් එයිද?
ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි
ඩොලර් මිලියන 200ක් වටින බව කී මැණික් පොකුර ඇල්ටෝවක් තරම්වත් වටින්නේ නෑ... ලොව වටා යන්න ඊට වඩා වියදම්!
විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු

විශේෂයෙන්ම බදුකරණය පිළිබඳ නීති වෙනස් වන ආකාරය තාක්ෂණික සටහන්වල දෙවැනි කොටසේ දැක්වේ. එම ලැයිස්තුවට මෙසේ ය. 

  • අලුතින් පැනවීමට අපේක්ෂිත පනත්:-
    *වගකීම් කළමනාකරණ පනත
    *රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
    *ජාතික විගණන පනත
    *කොටස් වෙළඳපොල සාමුහික කිරීම වැලැක්වීමේ පනත
    *සුරැකුම්පත්කරණ පනත
    *ජාතික විශ්‍රාම අරමුදල් පනත
    *සංවර්ධන බැංකු පනත
    *රාජ්‍ය ව්‍යාපාර පනත

තවද මේ යටතේ 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීමට අපේක්ෂිත ය. සිය ප්‍රාග්ධනය යොදන ආයෝජකයන් තුළ අවිනිශ්චිත භාවයක් ඇති කරමින් රටෙහි ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි හානිකර ලෙස එය බලපෑම් කිරීම එයට හේතුව වශයෙන් දක්වා තිබේ.

සංශෝධනය කිරීමට අපේක්ෂිත පනත්:-

1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත

2014 අංක 38 දරන ඉඩම් සීමා කිරීම සහ බැහැර කිරීමේ පනත:- විදේශීය හිමිකම් සහිත සමාගම්වලට ඉඩම් අයිතිය සීමා කරන මෙම පනත සංශෝධනය කිරීමට යෝජිත ය. මෙය පසුගිය රජය සමයේ ගෙන ආ පනතක් වන අතර, මෙමගින් විදේශිකයන්ට ලංකාව තුළ දේපළ දැරීමේ අයිතිය දැඩි ලෙස සීමා කරනු ලැබුවේ විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරමිනි.

1972 අංක 7 කුලී පනත සහ පසුව එයට එක් වූ සංශෝධන

1958 අංක 2 දරන තේ සහ රබර් වතු (බෙදා වෙන්කිරීම පාලනය කිරීම) පනත පසුව එයට එක් වූ සංශෝධන

1958 අංක 01 දරණ කුඹුරු ඉඩම් පනත සහ 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත - මෙම පනත් දෙක සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙන්නේ බෝග විවිධාංගීකරණ සංකල්පය මුල් කර ගනිමිනි. එනම් විවිධ බෝග වගාකිරීමට හැකිවන පරිදි මෙම නීති දෙක වෙනස් කෙරෙනු ඇත.

1954 අංක 15 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත සහ 1941 අංක 27 දරන පඩිපාලක ආඥා පනත

බුන්වත් නීතිය: අධිකරණය ඉදිරියේ බංකොළොත් භාවය ප්‍රකාශ කිරීම පිළිබඳ බුන්වත් නීතියේ දැනට පවතින ප්‍රතිපාදන හේතුවෙන් සමාගම් අසාර්ථක වීමේ ප්‍රවණතාවය පසුගිය කාලයේ දිගින් දිගටම දක්නට ලැබිණි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අධෛර්යමත් කරන මේ තත්වය වළක්වාළීම පිණිස මෙම බුන්වත්භාවය (බංකොළාත්භාවය) පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට නියමිත ය.

සීමිත වගකීම් හවුල් ව්‍යාපාර පිළිබඳ නීති :1866 අංක 21 දරන හවුල් ව්‍යාපාර ආඥා පනත, 1840 අංක 7 දරන වංචා වැලැක්වීමේ ආඥා පනත සහ 2007 අංක 7 දරන සමාගම් පනත ඇතුළුව දැනට මේ සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය විමර්ශනයෙන් පසුව සීමිත වගකීම් හවුල් ව්‍යාපාර ක්‍රමයක් හඳුන්වා දීමට අපේක්ෂිත ය. සීමිත වගකීම් හවුල් ව්‍යාපාර ව්‍යුහය තුළ ආයෝජනය කිරීමට දැනටමත් අභිලාෂය ප්‍රකාශ කර ඇති සමාගම් දිරිමත් කිරීම මෙහි විශේෂ අපේක්ෂාවයි.

පාරිභෝගිකයින්ගේ පහසුව සහ ආරක්ෂාව සහතික කරමින් මූල්‍ය අංශයේ තරඟකාරිත්වය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට, 2009 අංක 49 දරන ආරක්ෂිත ගනුදෙනු පනත, 2011 අංක 1 සහ 19 දරන බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනත, 1935 අංක 19 දරන ඉඩම් සීමා කිරීමේ ආඥා පනත, 1990 අංක 2 දරන ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 1981 අංක 98 දරන උකස් පනත සහ 1992 අංක 72 දරන සමථ මණ්ඩල පනත ද සංශෝධනය කිරීමට අපේක්ෂිත ය.

ස්ථාපන මූල්‍ය නීති:- 1949 අංක 58 දරන මූල්‍ය නීති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත වැනි මූල්‍ය ක්‍රමයට බලපාන නීති අධ්‍යයනය කර රටේ ආර්ථිකය හා මිල ස්ථායිතාවය තහවුරු කිරීම සඳහා සහ සංවර්ධන ප්‍රවාහය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ස්ථාපන මූල්‍ය අංශයක් සඳහා මෙම පනත් ශක්තිමත් කරනු ඇත.

-  අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු
විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කළ රාජපක්ෂ නීතිය ඇතුළු රටේ ආර්ථිකයට බලපාන නීති ගණනාවක් අයවැයෙන් වෙනස්වන ලකුණු
http://ift.tt/2AzBltv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_694.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_694.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy