දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එළුවන්කුලමට වින කටින වල් අලි

  වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති අලුත් එළුවන්කුලම, පරණ එළුවන්කුලම යන ගම්මාන...

එළුවන්කුලමට වින කටින වල් අලි

 

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති අලුත් එළුවන්කුලම, පරණ එළුවන්කුලම යන ගම්මානවලට, පවතින අධික වර්ෂාවත් සමග 10 දෙනෙකුගෙන් සමන්විත වල් අලි රංචුවක් ගම්මාන පුරා සැරි සරණ බව ගම්වාසීහු පවසති.
පවුල් 400ට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ජීවත් වෙති. මේ වන විට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික පොල් ඉඩම් රැසක පොල් ගස් 50ට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම කඩා බිම දමා ඇති අතර, කෙසෙල්, අඹ, දොඩම් වැනි ශාකයන් රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට ලක්කර තිබුණි. මෙහි පදිංචි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තයයි. ඒ අනුව මොවුන් කුඹුරු ගොවිතැනට මුල්තැන දෙමින් සිය වගා කටයුතු සිදුකර ගෙන යන්නේද නිරන්තරයෙන් අලි මිනිස් ගැටුම කරපින්නාගෙනය. මෙම ජනතාව වර්තමානයේ අලියන්ගෙන්ද අතීතයේ තස්ත්‍රවාදයෙන්ද බැටකෑ තවත් අසරණ ජනතාවකි. 


ජනතාවගේ එකම ඉල්ලීම වන්නේ තමන්ට වගා හානි ලබා දෙන්නැයි කියන ඉල්ලීම නොව දැනට අබලන් තත්ත්වයේ පවතින අලි වැට නැවත යථා තත්ත්වයට පත්කරන කරනු ලබන ආයාචනයයි. මේ සම්බන්ධයෙන් අපත් සමග හඩ අවදිකල එච්.ඒ. මෛත්‍රීපාල මහතා පවසා සිටියේ මෙවැන්නකි. මේ අලි ප්‍රශ්ණය අදක ඊයෙක ඉදලා මේ ගම්වල තියෙන දෙයක් නෙමෙයි. අපි දන්න කාලේ ඉදලා තියෙන දෙයක්. මේකට කිසිම දවසක විසදුමක් අපිට ලැබිලා නැහැ. අපි බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අලි කරදරේ කොහොම හරි අපිට නවත්වලා දෙන්න කියලා. අලි ගමට එනවා. ගමේ තියෙන දේවල් එක රෑට විනාශ කරනවා. අපි දුකට කෑ ගහනවා ඕක තමා යථාර්ථය. ඒ හැර අපිට කිසිම විසදුමක් මේ වෙනකම් ලැබිලා නැහැ.

මේ සම්බන්ධයෙන් අපත් සමග අදහස් දැක් වූ එම්.එච්. සහිදු හුසේන් මහතා.............. මගෙ පොල් ගස් සෑහෙන ප්‍රමාණයක් ප්‍රමාණයක් මේ වෙද්දි වල් අලි විනාශ කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි හවස් වෙද්දි ගෙදරක දොරක ඉන්න බැරි තත්ත්වයක් අද අපිට උදා වෙලා තියෙන්නෙ. අපි බළධාරීන්ගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි පුළුවන්නම් අපිට අපේ දරුපැටව් එක්ක නිදහසේ කාලා බීලා ගේදොර වතු පිටි රැකගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා දෙන්න කියලයි.

කුමාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

දැන්නම් අපිට මෙහෙ ඉදිල්ල තිත්ත වෙලා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මේ ඔක්කොම අලියන්ට නිකන් දීලා අපේ ගම්බිම් වලට යන්න හිතිලා තියෙන්නෙ. මොනවා කෙරුවා, මොනවා හිටෙව්වත් කිසිම වැඩක් නැහැ. වන ජීවි එකට කියපුවාම ඒයාලා අපිට කියනවා අලි එලවන්න කියලා. මම අහන්නේ උන්ට පඩි දෙන්නෙ අපි අලි එළවන්නද කියලා. අවසානෙ වෙන්නෙ මොකද බළධාරියොයි වල් අලියොයි දෙපැත්තට අදිනවා. අසරණ අපි මැද්දෙ තනි වෙන එකයි. ඒ නිසා අපි රජයේ වග කියන බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මණින්ම මේ වල් අලි ගැටළුවට විසදුමක් ලබා දෙන්න පැලැස්තර විසදුම් අපට එපා කියලයි.

සිද්ධිය එසේ සිදුව හමාර වෙද්දි මේ අසරණ අව්‍යාජ මිනිසුන්ගේ නෙතගින් ගලන කදුළු බිදුවලට වන්දි ගෙවිය යුත්තේ වල් අලීන් නොව රජයේ මුණිවත රකිමින් මර නින්දේ නිදා සිටින බළධාරින් විසිනි. මෙවන් ගැටළුවක් නිරන්තරයෙන්ම සිදුවෙද්දි හාන්කවිස්සියක්වත් නොදන්වා සේ සිටීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
කේ. ප්‍රියංකර

ele2

ele6

ele5

ele3

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එළුවන්කුලමට වින කටින වල් අලි
එළුවන්කුලමට වින කටින වල් අලි
http://ift.tt/2AFVXng
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_554.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_554.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy