සාමාජිකයින්ගේ මාසික වැටුපෙන් ලබා දෙන මෙම සාමාජික මුදල් වියදම් කළ යුත්තේ සාමාජිකත්වයේම හෝ බැංකු පද්ධතියේ ඉදිරි ගමන වෙනුවෙන් පිටිවහළක් වන අ...
සාමාජිකයින්ගේ මාසික වැටුපෙන් ලබා දෙන මෙම සාමාජික මුදල් වියදම් කළ යුත්තේ සාමාජිකත්වයේම හෝ බැංකු පද්ධතියේ ඉදිරි ගමන වෙනුවෙන් පිටිවහළක් වන අරමුණු සාක්ෂාත් කර ගැනීමට වුව ද මේ වන විට එම මුදල් නිළදාරීන්ගේ පොකට් මනි බවට පත්ව ඇතැයි සාමාජිකයෝ පවසති.
එසේම, ලංකා බැංකු සේවක සංගමය විසින් හුදු වින්දනය සහ ආශ්වාදය වෙනුවෙන් පමණක් ක‍්‍රියාත්මක පෝස්ටර් ව්‍යාපාර සහ අත්පත‍්‍රිකා බෙදීම සදහා සහ ෆේස්බුක් ප්‍රචාරණ සඳහා මාසිකව රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරන බව සාමාජිකයෝ පෙන්වා දෙති. එතැනින් ද නොනැවතුණු මෙම නිළධාරීන් මත්පැන් සඳහා ද සාමාජික මුදල් වැය කරමින් සිටින බව දැනගන්නට ලැබෙන බව ද සඳහන්ය.
රාජ්‍ය බැංකු වල පැවති නිළවරණ වල දී ලංකා බැංකු සේවක සංගමයේ වත්මන් නිළධාරීන් බලයට පත්වීමේ දී බැංකු සේවක සංගමයක් ලබා දෙන සාමාන්‍ය පොරොන්දු අභිබවා ගොස්, ආණ්ඩුවක් බලයට පත් වීමේ දී ලබා දෙන ප‍්‍රමාණයේ රුස්සාගත නොහැකි පොරොන්දු ලබා දුන් නමුත් ඒ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දුන් බැංකු සේවකයින් අද වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බවත් ඒවා ඉටු කිරීමට තබා හිතාගන්නටවත් බැරි ඒවා බව සාමාජිකයින් පවා දැන් පිළිගන්නවා ඇති බවත් ඔවුහු පවසති.
අවසාන වශයෙන් සාමාජිකත්වය පවසන්නේ, සේවක අභිලාෂයන් ඉටු කිරීමට අසමත් මෙවැනි නිළධාරී මණ්ඩලයක් වෙනුවට වෘත්තීය නිපුණත්වයක් ඇති වැඩ කළ හැකි නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගත යුතු බවය.
COMMENTS