දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්.
Homeප්‍රවෘත්ති

එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්.

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම ...

ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! (VIDEO)
තවදුරටත් ජාතික සභාවේ සභාපති ලෙස පිළිගන්නේ නෑ! වහාම ඉල්ලා අස්වෙන්න! අර්ජුනට ක්‍රීඩා ඇමැති උපදේශකගෙන් ලියුමක්!
කංචනත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න පොහොට්ටුවේ වෘත්තීය සමිති තීරණය කරයි! විකුණන්නේ නෑ කියලා අපිව ඇන්දුවාද? බැසිල්ලා සද්ද නැත්තේ ඇයි? පොහොට්ටුවේ වෘත්තීය සමිති මාධ්‍ය හමුවක! (VIDEO)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කළ යුතු බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.

මීට අමතරව කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද යම් යම් මත ගැටුම් ඇති වී තිබේ.


මෛත්‍රී-මහින්ද හමුවක්

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය. 

මෙම සාකච්ඡාවට පෙර බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ඇමැතිවරුන් මුණගැසී මූලික එකඟතා ඇතිකරගෙන තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවලට එකඟ නොවී නව කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ශ්‍රීල.නි.ප.යෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙපක්ෂයේ කතාබහ ඉදිරියට ගෙනයාමටත් කමිටුවක් පත් කැරිණි. එම කමිටුව සී. බී. රත්නායක, බැසිල් රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

මේ වනවිටත් ශ්‍රීල.නි.ප.යෙන් සාකච්ඡා සඳහා කමිටුවක් නම්කර තිබේ. එහි ප්‍රධානියා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. ඩිලාන් පෙරේරා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටු එක් වී කරන කතාබහ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අවසන් තීරණය ගැනීමේ බලය පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය මහ මැතිවරණයේදී තම කණ්ඩායම ලැබූ අත්දැකීම් නිසා ශ්‍රීල.නි.ප.යට දැඩි කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ හෝ පැවැත්වීමට එකඟ වී තිබෙන නායකයන් දෙදෙනාගේ හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ පමණක් සහභාගී වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්.
එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්.
http://ift.tt/2hlznEU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_277.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_277.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy