කැකිරාව අධ්‍යාපන කලාපයේ දැරියක් කුසගින්න හේතුවෙන් වමනය දැමූ විට ඇයට ගැබිණියකැයි චෝදනා නඟා පාසලෙන් ඉවත් කිරීමේ පුවතක් පසුගිය දා වාර්තා ...
කැකිරාව අධ්‍යාපන කලාපයේ දැරියක් කුසගින්න හේතුවෙන් වමනය දැමූ විට ඇයට ගැබිණියකැයි චෝදනා නඟා පාසලෙන් ඉවත් කිරීමේ පුවතක් පසුගිය දා වාර්තා වී තිබිණි. මෙසේ අසත්‍ය චෝදනා එල්ල කර දැරිය පාසලෙන් ඉවත් කරමින් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ විදුහලේ විදුහල්පතිනියට සහ ගුරුවරුන් කිහිපදෙනෙකුට ය.
එම දැරිය අස්ථාන චෝදනා නඟා පාසලෙන් ඉවත් කර, මානසික අපයෝජනයට පත් කිරීම හේතුවෙන් 1995 අංක 22 දරණ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධිත පනතේ 308 (අ) වගන්තිය යටතට ගැනෙන වරදක් සිදු වී ඇත්ද යන්න සම්බන්ධව සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නීතිපති උපදෙස් විමසා ඇත.
ඒ අනුව, නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
- රංජිත් නිශාන්ත
COMMENTS